Breaking News
Home / Gossip / ලෝක කුසලානට දින හතකට පෙර කණ්‌ඩායම වෙනස්‌ කිරීමේ අවස්‌ථාවක්‌ අපිට අයි.සී.සී. ය ලබාදීල

ලෝක කුසලානට දින හතකට පෙර කණ්‌ඩායම වෙනස්‌ කිරීමේ අවස්‌ථාවක්‌ අපිට අයි.සී.සී. ය ලබාදීල

ලෝක කුසලාන විස්‌සයි විස්‌ස තරගාවලියට නම් කළ ශ්‍රී ලංකා පිලේ වෙනස්‌කමක්‌ සිදුකිරීමට අවශ්‍ය වුවහොත් ලබන මාර්තු මස පළමු වැනිදාට පෙර අදාළ වෙනස්‌කම සිදුකිරීමේ අවස්‌ථාව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ වෙත හිමිව ඇති බව ක්‍රිකට්‌ සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි.

ඉන්දියාවේදී පැවැත්වෙන පන්දුවාර විස්‌සයි විස්‌ස ලෝක කුසලාන තරගාවලිය නිල වශයෙන් ලබන මස 8 වැනිදා ආරම්භ වීමට නියමිත අතර එම තරගාවලිය ආරම්භ වීමට දින හතකට පෙර කණ්‌ඩායමේ වෙනසක්‌ සිදුකිරීමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලයෙන් අවසරය ලබා ගෙන ඇතැයි සුමතිපාල මහතා පවසයි.

“අපේ කණ්‌ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ආබාධයකට ලක්‌වෙලා තමයි නැවත කණ්‌ඩායමට ඇවිල්ල තියෙන්නෙ. ඒ නිසා ඔවුන්ගේ තත්ත්වය ගැන අපි ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලය සමග සාකච්ඡා කළා. කොහොම හරි ලෝක කුසලාන තරගාවලියට දින හතකට පෙර සංශෝධනවලට යටත්ව වෙනස්‌කමක්‌ සිදුකිරීමේ අවස්‌ථාව අපිට අයි.සී.සී. ය ලබාදීල තියෙනවා.” යනුවෙන් සුමතිපාල මහතා පැවසීය.

ආසියානු කුසලානට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිsකට්‌ කණ්‌ඩායමේ අනුග්‍රාහකත්වය පිරිනැමීම සඳහා ඩයලොග් සමාගම ඉදිරිපත්ව ඇති අතර එම අවස්‌ථාවට සහභාගි වෙමින් සුමතිපාල මහතා ඉහත අදහස්‌ පළ කර සිටියේය.

ආසියානු කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්‌ඩායම විස්‌සයි විස්‌ස ලෝක කුසලාන සඳහාද නම් කර ඇති අතර එම සංචිතයේ වෙනස්‌කම් දෙකක්‌ කිරීම කෙරෙහි කණ්‌ඩායම් නායක සහ තේරීම් කමිටුව අතර දීර්ඝ ලෙස සාකච්ඡා සිදුවී ඇතැයි “දිවයින” ට වාර්තා විය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ සිටින හොඳම විස්‌සයි විස්‌ස කණ්‌ඩායම මෙය බවත් ඒ සඳහා කපිල විඡේගුණවර්ධන මහතා ඇතුළු තේරීම් කමිටුව මාස කිහිපයක සිට අධ්‍යයනය කරමින් මෙම කණ්‌ඩායම නම් කළ බවත් පොදු එකඟතාවයකට පැමිණීමෙන් පසුව ක්‍රීඩා ඇමැතිවරයා කණ්‌ඩායමට අනුමැතිය ලබාදී තිබේ.

කණ්‌ඩායම් නායක ලසිත් මාලිංග අන්තර් පළාත් තරගාවලියේ සිට තමාගේ කණ්‌ඩායමට අවශ්‍ය ක්‍රීඩකයන් තෝරා ගැනීම සඳහා දැඩි උනන්දුවකින් කටයුතු කර ඇති අතර ඔහුගේ කැමැත්ත පරිදි කණ්‌ඩායමේ 15 දෙනාම තේරීම වෙනුවට තේරීම් කමිටුවද ඇතැම් ක්‍රීඩකයන් පිළිබඳව විශ්වාසය තබමින් හොඳම සංයුතිය නම් කර ඇති බව කණ්‌ඩායම දෙස බැලීමේදී පැහැදිලි වේ. සීකුගේ ප්‍රසන්න පළාත් තරගාවලියේදී ආරම්භක පිතිකරුවකු ලෙස කටයුතු කිරීමද ලසිත් මාලිංගගේ උපදෙස්‌ අනුව සිදුවී ඇති බව සඳහන් වේ.

ආසියානු කුසලාන සහ ලෝක කුසලාන සඳහා නම් කළ කණ්‌ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම පිතිකරුවකුගේ නම සංචිතයෙන් ඉවත් කිරීමට තවත් ජ්‍යෙෂ්ඨයකු උත්සහ කර ඇති අතර ඒ වෙනුවට ළහිරු තිරිමාන්නව නම් කිරීමේ උත්සහය අවසන් මොහොතේ නිෂ්ප්‍රභ වී තිබේ. කෙසේ වෙතත් ඉන්දියාව සමග පැවැති විස්‌සයි විස්‌ස තරග දෙකකදී අදාළ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයා පිතිකරුවකු ලෙස සාර්ථක වීම සහ එක්‌දින මෙන්ම ටෙස්‌ට්‌ සංචිතයේදී ලකුණු අතර සිටීම සැලකිල්ලට ගනිමින් ඔහුට සාධාරණයක්‌ ඉටු කිරීමට තේරීම් කමිටුව තීරණය කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

කණ්‌ඩායම් නායක ලසිත් මාලිංග සහ කපිල විඡේගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට්‌ තේරීම් කමිටුව පළමුව නම් කළ 15 දෙනාගේ කණ්‌ඩායමට ක්‍රිකට්‌ සභාපති තිලංග සුමතිපාල මහතා සහ ක්‍රීඩා ඇමැතිවරයාගේද ආශිර්වාදය ලැබී තිබේ.  

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close