Breaking News
Home / Gossip / නිලධාරීන්ගේ උපදෙස්‌වලට ඉහළින් කටයුතු කළේ කාගේ වුවමනාවටද…?

නිලධාරීන්ගේ උපදෙස්‌වලට ඉහළින් කටයුතු කළේ කාගේ වුවමනාවටද…?

Sri Lanka's captain Dinesh Chandimal (3R) reacts as he greets teammate Dusmantha Chameera after taking the wicket of India's Yuvraj Singh during the first T20 international match between India and Sri Lanka at the MCA International Cricket Stadium in Pune on February 9, 2016. AFP PHOTO/ Indranil MUKHERJEE ---- IMAGE RESTRICTED TO EDITORIAL USE - STRICTLY NO COMMERCIAL USE ---- / AFP / INDRANIL MUKHERJEE

ආබාධිත තත්ත්වයක්‌ හේතුවෙන් ඉන්දීය තරග සංචාරයට ක්‍රීඩා නොකළ විස්‌සයි/20 නායක ලසිත් මාලිංග එළැඹෙන 20 වැනිදා සිට ආරම්භ වන ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්‌ඩායමට එක්‌වීමේ බලාපොරොත්තුවෙන් පසුවන බව ඉතාම විශ්වාසදායක ආරංචි මාර්ගයක්‌ ඔස්‌සේ  වාර්තා වේ.

ආසියානු කුසලාන තරගාවලිය සඳහා මාලිංග කණ්‌ඩායමට එක්‌වීමට තීරණය කර තිබුණද ඔහුගේ ආබාධිත තත්ත්වය තවමත් 100% කින් සුව නොවීම මත එම තරගාවලියේදී තරග කිරීමේ අවස්‌ථාව ඔහුට අහිමිවනු ඇතැයිද පැවැසේ. කෙසේ වෙතත් කණ්‌ඩායමේ නිල නොවන නායකයා ලෙසින් සිට ලෝක කුසලාන තරගාවලිය සඳහා වන කණ්‌ඩායම තෝරා ගැනීමේ අරමුණ පෙරදැරිව අදාළ තරග සංචාරයට සහභාගිවීමට තීරණය වී තිබෙන බවද සඳහන් වේ.

මේ අතර ඉකුත්දා නිමාවට පත්වූ ඉන්දීය තරග සංචාරයේදී බලාපොරොත්තු වූ තරම් නවකයින් දක්‌ෂතා අතරට නොපැමිණීම මෙන්ම කණ්‌ඩායමේ ඇතිවී ඇතැයි කියන ගැටලු සහගත තත්ත්වයන් නිසා ආසියානු කුසලාන තරගාවලිය සඳහා වූ කණ්‌ඩායම ප්‍රකාශයට පත් කිරීමද දිනෙන් දිනම ප්‍රමාද වෙමින් පවතියි.

ආසියානු කුසලාන තරගාවලිය සඳහා සහභාගිවීමට නියමිත ශ්‍රී ලංකා කණ්‌ඩායම මෙම මස 20 වැනිදා පිටත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතන මාධ්‍ය අංශය විසින් ඊයේ (16 දා) මධ්‍යහ්නයේදී නිවේදනයක්‌ නිකුත් කරමින් සඳහන් කර සිටියද එසේ පිටත්වන කණ්‌ඩායම කවුරුන්ද යන්න ප්‍රසිද්ධියට පත් කිරීමට ක්‍රිකට්‌ බලධාරීන් අපොහොසත්වීම ඉහතින් කී තත්ත්වයන්ට හොඳම උදාහරණයක්‌ වන බව මේ පිළිබඳව  අදහස්‌ දක්‌වා සිටි බලධාරියෙකු සඳහන් කර සිටියේය.

ඉන්දියාව සමග පැවැති තරගාවලිය සඳහා තේරීම් කමිටු සාමාජිකයකු කණ්‌ඩායම සමග නොසිටි බැවින් ක්‍රීඩා කළ යුතු සංයුතිය මෙන්ම ක්‍රීඩා කළ යුතු ආකාරය පිළිබඳව ශ්‍රී ලංකාවේ සිට උපදෙස්‌ ලබා දී තිබේ. මෙහිදී කණ්‌ඩායම මෙහෙයවන ලද දිනේෂ් චන්දිමාල්ට පළමු පන්දුවාර 6 තුළදී පන්දුවට පහරදීමට නොයන ලෙසත්, පළපුරුදු ආරම්භක පිතිකරු ටී. එම්. ඩිල්ෂාන්ව අවසන් තරගයේදී විවේක ගන්වන ලෙසත් සහ දඟ පන්දු යවන්නකු වූ වැන්ඩර්සිව අවසන් තරගයේදී ක්‍රීඩාකරවන ලෙස උපදෙස්‌ ලබාදී තිබුණද ඒ උපදෙස්‌වලට පිටින් කණ්‌ඩායම කටයුතු කර තිබෙන බව සඳහන් වේ. ඒ අනුව ක්‍රිකට්‌ බලධාරීන්ගේ උපදෙස්‌වලට පිටින් කටයුතු කරන ලද්දේ කුමන ක්‍රීඩකයකුගේ උවමනාවටද යන්න මේ දිනවල අවධානය යොමු වී තිබෙන බව පැවසෙන අතරම මෙම තත්ත්වයද ආසියානු කුසලාන තරගාවලිය සඳහා වන කණ්‌ඩායම නම් කිරීම ප්‍රමාදවීමට උත්ප්‍රේරකයක්‌ වී තිබෙන බව සඳහන් වේ.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close