Breaking News

ලොවම කැළඹු සිකා වෛරසය ගැන තවත් ප්‍රබල අනාවරණයක්

  මේ වෙනකොට මුළු ලෝකයේ ම අවධානයට ලක්ව තිබෙන වෛරසය තමා “සිකා” කියන්නේ. මේ වෛරසය මදුරුවෙකු මගින් පැතිර යන බවට හඳුනා ගත්ත ද මේ වන විට ඒ සම්බන්ධයෙන් අලුත් ම අනාවරණයක් ඉදිරිපත් වෙලා තියෙනවා.

ඒ ලිංගික සංසර්ගය මගින් වෛZikaaරසය වැළඳුණු රෝගියෙකු පිළිබඳ අමෙරිකාවෙන් වාර්තා වීමත් එක්ක.

ටෙක්සාස් ප්‍රාන්තයෙන් මෙහෙම රෝගියෙකු ගැන වාර්තා වුණා කියලා තමා අමෙරිකානු රෝග පාලන ආයතනය කියන්නේ. මේ රෝගියා කාන්තාවක්.

මේ කාන්තාව සිකා වෛරසය පැතිරිලා තියෙන කිසිදු රටක සංචාරය කරලා නෑලු. නමුත් ඇයගේ සහකරු වෙනිසුවෙලාවේ සිට පැමිණි අයෙකු බවට හෙළිදරව් වී තිබෙනවා.

ඒ අනුව සිකා වෛරසය තවත් පැති වලින් බෝවෙනවා කියලා විදෙස් මාධ්‍ය වාර්තාවල තියෙනවා.

About Tech Lanka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close