Breaking News
Home / Gossip / ලසිත් වෙනුවට යන්නේ කවුද ?

ලසිත් වෙනුවට යන්නේ කවුද ?

ආබාධ තත්ත්වයක පසුවද්දී පන්දුවාර 20 ලෝක කුසලාන වෙනුවෙන් ඉන්දියාවට පැමිණි ශ්‍රී ලංකා පිළට ඇතුළත් කළ ලසිත් මාලිංග, ලෝක කුසලානයෙන් ඉවත්ව ඊයේ නැවත ශ්‍රී ලංකාව බලා පිටත්වීමට සුදානම් වුණා.

මාලිංග වෙනුවෙන් ශ්‍රී ලංකා පිළට ඇතුළත්වන්නේ කවුරුන්ද යන්න මෙතෙක්‌ තීරණය වී නැති අතර, ඊයේ ශ්‍රී ලංකාවේදී පුහුණු තරගයක්‌ පවත්වා ඒ ඇසුරින් තෝරාගන්නා ක්‍රීඩකයකුගේ නම ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලය වෙත යවා, විශේෂ අනුමැතියක්‌ ලබාගෙන අදාළ ක්‍රීඩකයාව ලෝක කුසලාන සංචිතයට නම් කිරීමට සිදුවන බව සැලවේ.

පාදයේ ආබාධයකට ලක්‌ව සිටින ලසිත් මාලිංගව ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් කිරීමට පෙර පැවැති කපිල විඡේගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් යුත් තේරීම් කමිටුව කටයුතු කළද, අවසන් මොහොතේ එම තේරීම් කමිටුව ඉවත් කර ඒ වෙනුවට නම් කළ අරවින්ද ද සිල්වා ප්‍රමුඛ කමිටුවේ විශේෂ අවධානයක්‌ මත මාලිංගව මෙම සංචිතයට එක්‌ කරන ලදී.

නමුත් ක්‍රීඩා කිරීම සඳහා කායිකව මෙන්ම මානසිකවද සූදානම් තත්ත්වයක නොසිටි මාලිංග ඉකුත්දා පැවැති පුහුණු සැසියකදී පන්දු කිහිපයක්‌ යෑවීමෙන් අනතුරුව තම ආබාධය උත්සන්න වීම හේතුවෙන් ක්‍රීඩා කිරීමෙන් වැළකී සිටියේය.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close