Breaking News
Home / Gossip / ලසන්ත වික්‍රමතුංග ඝාතන සැකකරුවන්ගේ දළ රූ සටහන් මෙන්න

ලසන්ත වික්‍රමතුංග ඝාතන සැකකරුවන්ගේ දළ රූ සටහන් මෙන්න

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයේදී සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ අනුව අපරාධය සිදු කළ බවට සැක කෙරෙන දෙදෙනෙකුගේ දළ රූප සටහන් පොලීසිය අද ප්‍රසිද්ධියට පත් කළේ ය.

පොලීසිය ප්‍රසිද්ධියට පත් කළ පළමු චිත්‍රයෙන් දැක්වෙන සැකකරු අවුරුදු 35ක් පමණ වන අතර උස අඩි 05යි අඟල් 08ක් පමණ වේ.

ඔහු දුඹුරු පැහැති දිගටි ඇස් සහිත සුදු පැහැති පිරිපුන් ශරීරයක් ඇති අයෙකු බව පොලීසිය නිවේදනය කළේ ය.

දෙවන චිත්‍රයේ දැක්වෙන සැකකරු වයස අවුරුදු 40ක් පමණ, උස අඩි 05යි අඟල් 10ක් පමණ වන මහත ශරීරයක් ඇති කළු පැහැති අයෙකි.

මෙම පුද්ගලයින් සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් ඇත්නම් පහත දුරකතන අංක වෙත දැනුම් දෙන්නැයි පොලීසිය ඉල්ලා සිටියි.

එම දුරකතන අංක වන්නේ, 071 – 859 17 53, 071 – 859 17 70, 077 – 329 15 00

About Tech Lanka

Check Also

ජනපති වෙබ් අඩවිය හැක් කල සිසුවාට ජනපති දුන් දේ

ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්වී එහි දත්ත වෙනස් කිරීමේ සිදුවීමට අදාළ පාසල් සිසුවා සිය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close