Breaking News
Home / Gossip / ‘ලංකාව පැරදවීම කජු කන්න වගේ වැඩක් ‘ – එංගලන්තය ලංකාව සමච්චලයට ලක් කරන හැටි මෙන්න

‘ලංකාව පැරදවීම කජු කන්න වගේ වැඩක් ‘ – එංගලන්තය ලංකාව සමච්චලයට ලක් කරන හැටි මෙන්න

එංගලන්ත කණ්ඩායම ලොව හොඳම ටෙස්ට් කණ්ඩායම බවට පත්වීම සඳහා ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන  ටෙස්ට් තරගාවලිය3-0කින් ජය ගත යුතු බව එංගලන්ත මාධ්‍ය  පවසනවා.

එරට ටයිම්ස් පුවත්පතට තීරු ලිපියක් ලියමින් එංගලන්තයේ හිටපු නායක මයිකල් ඇතර්ටන් ද ශ්‍රී  ලංකාව සමච්චලයට ලක් කර ඇති බවයි පැවසෙන්නේ.

මහේල ජයවර්ධන සහ කුමාර සංගක්කාරගේ විශ්‍රාම ගැනීමෙන් පසුව  ශ්‍රී ලංකාව   පල්ලම් බැස ඇති බවයි මයිකල් ඇතර්ටන් එහි දක්වා ඇත්තේ

 

ඇන්ජලෝ මැතිව්ස් හැරුණ විට ශ්‍රී ලංකාවට තවත් දක්ෂ පිතිකරුවකු  නොමැති බවද ඔහු එහි සටහන් කර තිබෙනවා.

හොඳම දඟ පන්දු යවන්නා වූ රංගන හේරත්ටද තරුණ කාලයේ මෙන්  දැන් විකට් ගන්නට බැරි බව ඔහුගේ අදහසයි.

පසුගිය කාලයේ  ඉන්දියාව, පාකිස්තානය හා නවසීලන්තය සමග  තරගාවලිවලින් පරාජයට පත්ව ඇති ශ්‍රී ලංකාව මෙහි එන්නේ වැඩි සූදානමක් නොමැතිව බව සටහන් කර ඇති මයිකල් ඇතර්ටන්  3-0ක පරාජයක් අත්කරදීම අපට කජු කන්නා වැනි වැඩක් ලෙසයි පෙන්වා දෙන්නේ.

 

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close