Breaking News
Home / Gossip / ලංකාවේ ක්‍රිඩකයෝ ළදරුවෝ වගේ කිව්ව සුද්දන්ට ලංකාවේන් හොද පිලිතුරක්

ලංකාවේ ක්‍රිඩකයෝ ළදරුවෝ වගේ කිව්ව සුද්දන්ට ලංකාවේන් හොද පිලිතුරක්

ශ්‍රී ලංකා කණ්ඩායම ‘කොලු ගැටයන් පිරිසක්’ ලෙසින් ඇතැම් විචාරකයන් හඳුන්වන නමුත් කුසල් මෙන්ඩිස් පන්දුවට පහරදෙන ආකාරය විමසා බලන විට ‘ඒ කොලු ගැටයන් කෙතරම් දක්ෂ දැයි’ සිතෙන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු පවසයි.

චරිත් සේනානායක ඒ බව කියා සිටියේ එංගලන්ත කණ්ඩායමේ හිටපු පිතිකරුජෙෆ් බෝයිකොට් ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව පළ කළ අදහස් සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළ කරමින්.

“එයා කියනවා නම් අපි ළදරුවෝ කියල ඒගොල්ලට පේනවා අපි ළදරුවෝ කොච්චර දක්ෂද කියල,” චරිත් සේනානායක  පැවසීය.

“මේක තමයි අපේ අනාගතය. ඒ වගේම මම හිතනවා මේ තරඟාවලිය ඉවර වෙන කොට අපි හඳුනා ගනීවි කියල දක්ෂ තවත් ලාබාල ක්‍රීඩකයන්ව.”

පන්දු යවන්නන්ගේ වගකීම

මේ දිනවල එංගලන්තයේ පවතින්නේ පන්දු යවන්න්නන්ට ඉතා හිතකර වාතාවරණයක් වුවත්, එයින් වාසිය නෙලා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අසමත් වූ බවත් චරිත් සේනානායක පවසයි.

“දුර්වලතා කිහිපයක් තිබුනා. එකක් එංගලන්තය ලකුණු 78 කට කඩුලු පහක් විතර ගිහිල්ල තිබිච්ච වෙලාවේ අපිට එංගලන්තය ලකුණු දෙසීයකට අඩුවෙන් දවා ගත්තා නම් ලොකු වෙනසක් වෙන්න තිබ්බ රිසල්ට් එකට,” චරිත් සේනානායක සඳහන් කළේ ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරඟාවලිය පිළිබඳව බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

“මේ තණතිල්ලේ දුන්න ලකුණු ප්‍රමාණය වැඩියි. ඒ වගේම පිතිකරුවනුත් ටෙක්නික් එක හදාගන්න ඕනේ.”

ඉනිම දෙකේදීම ශ්‍රී ලංකාවට පන්දුවට පහරදීමට සිදු වූයේ විදුලි ආලෝකය යටතේ බවත් කණ්ඩායමේ කළමනාකරු පෙන්වා දෙයි.

“නිදහසට කරුණු දෙනවා නෙවෙයි. මම හිතන්නේ මගේ ජීවිත කාලේ දැක්ක දුර්වලම කාලගුණ තත්වයක් තිබ්බේ.” (සාකච්ඡාවට සවන්දෙන්න)

ලොව දක්ෂතම පන්දු යවන්නන් දෙදෙනා වන ස්ටුවර්ට් බ්‍රෝඩ් සහ ජේම්ස් ඇන්ඩර්සන් එවැනි වාතාවරණයකින් උපරිම ප්‍රයෝජන ගන්නා බවත් ඔහු පැවසීය.

අනෙක් අතට නායක ඇන්ජලෝ මැතිව්ස් කඩුල්ල මුවා කිරීමේ වරදට දැවී ගිය බව තීරණය කෙරුණු අවස්ථාවේ තුන් වෙනි විනිශ්චයකරුට යොමු කළේ නම් තරඟයේ අවසානය මීට වඩා වෙනස් විය හැකිව තිබුණු බවත් චරිත් සේනානායකගේ විශ්වාසයයි.

දෙවැනි ටෙස්ට් තරඟය සඳහා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදු වනු ඇති අතර රංගන හේරත්ගේ ආබාධය පිළිබඳව විමසිල්ලෙන් සිටින බවත් ඔහු පැවසීය.

එංගලන්තයට එරෙහි දෙවැනි ටෙස්ට් තරඟය සිකුරාදා ආරම්භවීමට නියමිතයි.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close