Breaking News
Home / Gossip / 20 20 තරගාවලියකට ලංකාවට ඔස්ට්‍රෙලියාවට යන්න වෙයි.

20 20 තරගාවලියකට ලංකාවට ඔස්ට්‍රෙලියාවට යන්න වෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට 2012/2013 වසරෙන් පසුව ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක් හිමිවනු ඇතැයි  වාර්තා වේ. කෙසේ වෙතත් මේ වනවිට මෙම සංචාරය පැවැත්වෙන දින වකවානු පිළිබඳව ස්ථිර නිගමනයකට රටවල් ද්විත්වය පැමිණ නොමැති අතර, මෙම වසර අවසානයේ පැවැත්වෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත සංචාරයෙන් අනතුරුව තරගාවලිය පැවැත්වීම කෙරෙහි මේ වනවිට සාකච්ඡා ආරම්භ වී තිබේ.

අවසන් වරට ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාවේ සංචාරය කළ 2012/2013 තරග වාරය තුළ එක්දින තරගාවලිය තරග 2 – 2 ක් ලෙස සම තත්ත්වයෙන් නිමා කළ අතර, ටෙස්ට් තරගාවලිය තරග 3 – 0 ක් ලෙස පරාජයට පත්විය. එසේම 2013 වසරේ පැවැති විස්සයි 20 තරගාවලියද තරග 2 – 0 ක් ලෙස ලංකාවට ජය හිමිව තිබේ.

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close