Breaking News
Home / Gossip / රාජ්‍ය ඇමැති පිරිසක්‌ ඉල්ලා අස්‌වෙති

රාජ්‍ය ඇමැති පිරිසක්‌ ඉල්ලා අස්‌වෙති

නියමිත විෂය පථයන් මෙතෙක්‌ බෙදා වෙන් නොකිරීම නිසා ඊට විරෝධය පළකරමින් රාජ්‍ය ඇමැතිවරු පිරිසක්‌ සිය ධුරවලින් ඉල්ලා අස්‌වීමට තීරණය කර ඇත.

පසුගිය කාලයේ පැවැති ඇමැති මණ්‌ඩල රැස්‌වීම් හයකදී (6) ජනාධිපති සහ අගමැති මේ පිළිබඳව සාකච්ඡා කර කැබිනට්‌ ඇමැතිවරුන්ට අයත් විෂය පථයන්ගෙන් කොටසක්‌ රාජ්‍ය ඇමැතිවරුන්ටද ලබාදෙන ලෙස ඔවුන්ට උපදෙස්‌ ලබාදුන්නද මෙතෙක්‌ ඒ සම්බන්ධව කිසිදු පියවරක්‌ ගෙන නැති බවට ඔවුහු චෝදනා කරති.

රාජ්‍ය ඇමැතිවරු බොහෝ පිරිසකට අමාත්‍යාංශවලට පැමිණ නිකරුණේ කාලය ගතකිරීමට සිදුව තිබෙන බවත් ඇතැම් කැබිනට්‌ ඇමැතිවරු තම ආයතනවල පැවැත්වෙන උත්සවයකටවත් ආරාධනා නොකරන බව අසහනයට පත් රාජ්‍ය ඇමැතිවරු පිරිසක්‌ ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවැසූහ.

මේ තත්ත්වය නිසා සුළු ජාතික පක්‌ෂ නියෝජනය කරන ඇතැම් රාජ්‍ය ඇමැතිවරු අමාත්‍යාංශවලට පැමිණීම පවා නවතා ඇති බව ඔවුහු පවසති.

මේ අනුව මීළඟ පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කෙරෙනු ලබන 07 වැනිදාට පෙර ජනාධිපති හා අගමැති හමුවී නැවත වරක්‌ මේ පිළිබඳව සාකච්ඡා කරන බවත් එහිදී විසඳුමක්‌ ලබා ගැනීමට නොහැකි වුවහොත් රාජ්‍ය ඇමැතිවරු කිහිප දෙනෙක්‌ හැර සෙසු සියලුම ඇමැතිවරු තනතුරුවලින් ඉල්ලා අස්‌වන බව එම ඇමැතිවරු වැඩිදුරටත් පැවැසූහ.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close