Breaking News
Home / Gossip / රාජපක්‌ෂ පවුලේ අයට ඉදිරියේදී හිරගෙවල්වල නිසි ආරක්‍ෂාව ලැබෙයි (Video)

රාජපක්‌ෂ පවුලේ අයට ඉදිරියේදී හිරගෙවල්වල නිසි ආරක්‍ෂාව ලැබෙයි (Video)

රාජපක්‌ෂ පවුලේ අයට ඉදිරියේදී හිරගෙවල්වල නිසි ආරක්‌ෂාව ලැබෙනු ඇතැයි සමාජ සවිබල ගැන්වීම සහ සුබසාධන නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා පැවසීය.එම පවුලේ උදවිය සිරගතවීමට නියමිත අය බවත් ඔවුන් සිරගෙවල් මානසිකත්වයෙන් සිටින බැවින් ආරක්‌ෂාව ඉල්ලා කෑ ගසන බවත් ඊයේ (04 දා) සිරිකොත පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම පැවසීය.

ජනාධිපති ධුරයෙන් විශ්‍රාම ගොස්‌ සිටින වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‌ෂ මහතාට දැන් ජීවිත තර්ජනයක්‌ නොමැති අතර නැති වටිනාකමක්‌ ලබාගැනීමට ඒ මහතා හමුදා ආරක්‌ෂාව ඉල්ලා සිටින බවද රාමනායක මහතා පැවසීය.

කිසියම් සන්නද්ධ කල්ලියකට හෝ ඩයස්‌පෝරාවට මහින්ද රාජපක්‌ෂ මහතා හඹායැමේ අවශ්‍යතාවයක්‌ නැතැයිද ඔවුන් විශ්‍රාම ගිය ජනාධිපතිවරයකු වෙනුවෙන් මිනිස්‌ බෝම්බයක්‌ භාවිතා නොකරනු ඇතැයි තම අදහස බවද ඒ මහතා සඳහන් කළේය.

එබැවින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා යන යන තැනම ගොස්‌ මයික්‍රපෝන අල්ලා අදහස්‌ විමසීමෙන් රාජපක්‌ෂ මාෆියාව ‘බයිට්‌’ නොකරන ලෙසත් ඒ ආකාරයට අදහස්‌ විමසා හිටපු ජනාධිපතිවරයා චූන් නොකොට ඔහුට විශ්‍රාම සුවයෙන් කල් ගෙවීමට ඉඩ හරින ලෙස තමන් මාධ්‍යයෙන් ඉල්ලා සිටින බවත් රංජන් රාමනායක මහතා මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් පැවසීය.

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close