Breaking News
Home / Gossip / රාජපක්ෂලාට එජාපයේ තොරතුරු දෙන සිරිකොතේ කට්ටිය

රාජපක්ෂලාට එජාපයේ තොරතුරු දෙන සිරිකොතේ කට්ටිය

එක්සත් ජාතික පක්ෂය යනු ශ්‍රී ලංකාවේ වර්තමාන ආණ්ඩුව හොබවන ප්‍රධාන පක්ෂයයි.අවරුදු ගණනක අදුරු මතකයන් තුලින් පැමිණි එජාපය 2015 වසරේදී නැවත තම අනසක ශ්‍රී ලංකාවේ ස්ථාපිත කලේ බොහෝ දුෂ්කර කාලයක් පසුකර පැමිණය.කෙටියෙන්ම කිවහොත් එජාපයේ වසන්තය එලබිය.බලය ලබා ගත් පසු බල තණ්හාව හොද නැති බව පසුගිය ආණ්ඩුවට සිදු වූ දෙයින් මෙම ආණ්ඩුවද ඉගෙන ගත යුතුය.තම පක්ෂයේ ආණ්ඩුවක් තිබෙන විට ඉන් පසු තමන්ගේ ව්‍යාපාර එමගින් වැඩි දියුණු කරගැනීමට ඇතැම් පක්ෂ ක්‍රියාකාරීන් පෙළබේ.මෙයද එසේම කතාවකි.

එලෙස තමන්ගේ ව්‍යාපාර හෝ තානාන්තර දියුණු කර ගැනීමට ආණ්ඩුවක් සහිත පක්ෂයක ක්‍රියාකාරීන්ට නොහැකි වුවහොත් පක්ෂය ගැන කලකිරීමක් ඔවුනට ඇති විය හැක.එම කල කිරීම නිසාම එජාපයේ සිටින ප්‍රබල ක්‍රියාකාරීන් පිරිසක් රාජපක්ෂවරුන්ගේ මඩ බලකායට එජාපයේ සියලු තොරතුරු ලබා දෙන බවට වාර්තා වනවා.එජාපයේ ප්‍රබල දේශපාලන චරිත කිහිපයක තොරතුරු මොවුන් රාජපක්ෂ වරුන්ගේ මඩ බලකායට ලැබීමට සලස්වන බවයි වාර්තා වන්නේ.මෙම පිරිස නිතරම සිරිකොත පක්ෂ මුලස්ථානයේද සිටින අතර එජාපයේ සියලු රහස් තොරතුරු රාජපක්ෂවරුන්ට ලබා දෙයි.

එජාපයේ ලාංජනයද භාවිත කරමින් පවත්වාගෙන යනු ලබන මඩ ෆේස්බුක් පිටු වලට මොවුන් සෘජුවම තම සහයෝගයද ලබා දෙන අතර එජාපය නව මාවතකට හැර වූ  ප්‍රබල තරුණ දේශපාලන චරිතයක් මොවුන් දිගින් දිගටම එම පිටු හරහා විවේචනය කරමින් සිටියි.තම පුද්ගලික අවශ්‍යතා සදහා පක්ෂයක් පවා දීම සුදුසු නොවන බවද කිවයුතුමය.තවද මොවුන්ගේ සියලු තොරතුරු අප සතුව තිබෙන අතර එම තොරතුරු ඉදිරියේදී හෙළි කිරීමට අප සුදානම් .

About Tech Lanka

Check Also

ජනපති වෙබ් අඩවිය හැක් කල සිසුවාට ජනපති දුන් දේ

ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්වී එහි දත්ත වෙනස් කිරීමේ සිදුවීමට අදාළ පාසල් සිසුවා සිය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close