Breaking News
Home / Gossip / රාජපක්ෂට ජනපතිගෙන් තවදුරටත් සහනයක් නෑ !

රාජපක්ෂට ජනපතිගෙන් තවදුරටත් සහනයක් නෑ !

තමාට සහනයක් ලබාදෙන්නේ නම් පසු බසින්නට සූදානම් බව ප‍්‍රකාශ කරමින්  ඒකාබද්ධ විපක්ෂය හරහා බලය තහවුරු කරගැනීමට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ගන්නා උත්සාහය පිළිබඳව කෝපයට පත් වී සිටින ජනාධිපතිවරයා මින් ඉදිරියට දැඩි ක්‍රියාමාර්ග ගැණිමට යන බවට තොරතුරු වාර්තාවනවා.
මෙහි පියවරක් ලෙස රාජපක්ෂවරුන්ගේ වංචා දූෂණ සම්බන්ධයෙන්  සිදුකෙරෙමින් පවතින පරික්ෂණ කඩිනම් කිරීමට පමණක් නොව ඇතැම් අය ළගදීම අත්අඩංගුවට පත්වීමට නියමිත බව ද දැනගන්නට තිබේ. මේ සමගම පක්ෂ විනය උල්ලංගනය කර ඇති සියල්ලන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනිමට නියමිත බව ද වැඩිදුරටත් වාර්තාවේ.

 
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පාලනයට එරෙහිව නැගී සිටි ජනතා සංවිධානවලට ප්‍රහාර එල්ල කළ ඇතැම් දේශපාලනඥයින් ජනාධිපතිවරයා ලංකරගෙන ඇත්තේ ද රාජපක්ෂ පිලට ප්‍රතිප්‍රහාර එල්ල කිරිමට බව ද දැනගන්නට ඇත. කෙසේ නමුත් රාජපක්ෂ වෙනුවෙන් තමන් එදා ජනතාවට එල්ල කළ ප්‍රහාරවලට ජනතාවගෙන් සමාව ගන්නා ලෙස ජනාධිපතිවරයා ඔවුනට දන්වා ඇති බවටද තොරතුරු වාර්තාවනවා.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close