Breaking News
Home / Gossip / රනිල් කියූ ජේ.ආර්ගෙ ස්පෙයාර් වීල් කතාව

රනිල් කියූ ජේ.ආර්ගෙ ස්පෙයාර් වීල් කතාව

තමා එජාපයේ ස්පෙයාර් වීල් එක ලෙසට ෙජ්ආර් විසින් තබා සිටි පුද්ගලයා යයි අගමැති රනිල් වික්‍රමසිංහ පසුගියදා මාතර පැවති රැස්වීමකදී කියා තිඛෙනවා.
එක්සත් ජාතික පක්ෂයේ අනාගත නායකත්වය ත්‍රීවීලරයකට සම කළ ෙජ්. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ප්‍රේමදාස නායකත්වයට නම් කළ බවත්, පසුපෙළ වශයෙන් ගාමිණි ලලිත් නම් කළ බවත්, තමාව දමා තිබුණේ ස්පෙයාර් වීල් එකක් ලෙසට බවත්
පැවැසූ අගමැතිවරයා අවසානයේ දෙපැත්තෙ රෝද ඉන් ඉවත් වී ඉදිරිපස රෝදයේ හුළං ඇරීමෙන් පසු වසර 20ක්ම පක්ෂය ඇදගෙන ආවේ තමන් බවත්, එය එක්තරා ගිනස් වාර්තාවක් බවත් කියා සිටියා.
පසුගියදා මාතර නූපේ හන්දිය සණස ශාලාවේ පැවැති දකුණු පළාත් එක්සත් ජාතික පක්ෂ නියෝජිත හමුවේදී ඔහු මේ ගැන අදහස් පළකර තිබුනේ මෙසේය.

වසර 11කට පසුව ආණ්ඩු බලය ලබා ගෙන අද අපට අලූත් වාතාවරණයක් සහිත පසුබිමක ගමන් කිරීමට තිඛෙනවා. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා 1973දී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පැමිණ 1977දී රටේ ප්‍රධානියා බවට පත්වූ පසු රටේ සංවර්ධනයක් ඇති කළා. ඉන් අනතුරුව එතුමා එතුමාගෙන් පසුව එක්සත් ජාතික පක්ෂය ඉදිරියට ගෙන යෑම සඳහා දෙවැනි පෙළ, තුන් වැනි පෙළ වශයෙන් කණ්ඩායම් ඇති කළා.

එතුමා ඒ කටයුතු සිදු කළේ බොහෝ දුරදිග බැලීමෙන් පසුවයි. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගෙන් පසුව නායකත්වය සඳහා එතුමා නම් කළේ රණසිංහ ප්‍රේමදාස අගමැතිතුමායි. පසුපෙළ වශයෙන් ගාමිණි දිසානායක සහ ලලිත් ඇතුලත්මුදලි යන

මහත්වරුන් නම් කළා. එසේ නම් ත්‍රීවීලරයක් ලෙස හැදූ එක්සත් ජාතික පක්ෂයේ අනාගතය වෙනුවෙන් රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ඉදිරියට දමා දෙපසින් ගාමිණි දිසානායක සහ ලලිත් ඇතුලත්මුදලි යන මහත්වරුන් දැම්මා.

මාව දමා තිබුණේ ස්පෙයාර් වීල් එකක් ලෙසයි. අවසානයේ දෙපැත්තේ රෝද දෙක වෙන් වෙලා ගිය අතර අපේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ රෝදයේත් හුළං ඇරියා. අවුරුදු 20ක් පමණ පක්ෂය ඇද ගෙන ආවේ ස්පෙයාර් වීල් එකෙනුයි. ඒකත් ගිනස් වාර්තාවක් බව මා කියන්න කැමැතියි.

About Tech Lanka

Check Also

ජනපති වෙබ් අඩවිය හැක් කල සිසුවාට ජනපති දුන් දේ

ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්වී එහි දත්ත වෙනස් කිරීමේ සිදුවීමට අදාළ පාසල් සිසුවා සිය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close