Breaking News
Home / Gossip / රනිල්ගේ හිත උණුවේ – යෝශිතට ඇප !

රනිල්ගේ හිත උණුවේ – යෝශිතට ඇප !

හිටපු ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන ඇති බව සැලවූ වහාම මහින්ද රාජපක්ෂ මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දුරකථන ඇමතුමක්ගෙන යෝෂිතට ඇප ලබාගැනීමට හැකිදැයි සොයා බලන ලෙස ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වෙයි.

 

ඒ අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ඇමතුමක් දෙමින් මේ ගැන විමසා ඇත.

යෝෂිත රාජපක්ෂට විරුද්ධව එල්ලවී ඇති චෝදනා බරපතළ නිසා සහනයක් ලබාදීම අපහසු බව ඔවුන් පවසා ඇත. ඔහුට ඇති බරපතලම චෝදනාව පොදු දේපළ අවභාවිතාව සහ මුදල් විශුද්ධිකරණය බව එහිදී එම නිලධාරීන් සඳහන් කර ඇත.

මෙම චෝදනා දෙකෙන්ද පොදු දේපළ අවභාවිතාව යන චෝදනාවට මහේස්ත්‍රාත් අධිකරණයකට ඇප ලබාදිය නොහැකි අතර ඇප ලබාගැනීමට නම් මහාධිකරණයේ චෝදනා ගොනුකරන තුරු බලාසිටීමට සිදුවෙයි.

පසුව හිටපු ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්චාවක් පවත්වා ඇත. කෙසේ වෙතත් මෙම සාකච්චාවේදී පැමිණි එකඟතාවයන් පිළිබඳව මෙතෙක් හෙළිදරව්වී නැත.  

නමුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව ඇති තරම් රාජ්‍ය දේපල අවභාවිතය ගැන චෝදනා තිබුනත් උසාවියේදී  එම චෝදනා එල්ල නොකෙරිණි.

මහේස්ත්‍රාත් අධිකරණයකට ඇප ලබාදිය හැකි මුදල් විශුද්ධීකරණ පනත, රේගුආඥා පනත සහ  ඇප ලබාදිය හැකි තවත් චෝදනා 07ක් යටතේ පමණක් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇත.

CSN නාලිකාවට යොදවා තිබෙන රුපියල් ලක්ෂ 2,340ක මුදල ලබා ගත් ආකාරය සනාත කිරීමට නොහැකි වීම, ජනාධිපති කාර්යාලය තුල csnනාලිකාවේ කාර්යාලයක් පවත්වාගෙන යෑම. රාජ්‍ය වාහන csn නාලිකාවේ යෙදවීම, csnසේවකයන්ට රජය මගින් වතුප් ලබාදීම, ඇතුළු චෝදනා වලට ඕනා තරම් කරුණු සහ සාදක විමර්ශන මගින් හෙළිවී තිබිණි.

මේ ආකාරයෙන්ම විරවංශ මහතාට සහ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට  නීතියෙන් විශේෂ සැලකිල්ලක් හිමිවිය.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close