Breaking News
Home / Gossip / රනිල්ගේ බලය සෙලවෙයි

රනිල්ගේ බලය සෙලවෙයි

මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට තවදුරටත් සේවා දිගුවක් ලබා නොදිය යුතු බවට ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම පසුගිය අඟහරුවාදා පැවති එම කණ්ඩායම් රැස්වීමේ දී අවධාරණය කර ඇත.

අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂ රැස්වීම මෙයට පෙර ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරු වර්ජනය කර තිබිණි.

පසුගිය සතියේ දී අර්ජුන් මහේන්ද්‍රන් මහතාට යළි සේවා දිගුවක් ලබා දීම සඳහා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සූදානමින් සිටි අතර ඊට ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ද එකඟතාව ලැබී තිබිණි. ඒ බව අප විසින් වාර්තා කිරීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් යළි ආන්දෝලනයක් ඇතිව තිබූ අතර ජනාධිපතිවරයාට විශාල බලපෑමක් ද එල්ලව තිබිණි.

එහෙත් පසුව රවී කරුණානායක මහතාට එරෙහිව වන විශ්වාසභංග යෝජනාවත් මහ බැංකු අධිපතිවරයාට එල්ල වන චෝදනා සහ මෙරට ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් පැනනැගී ඇති තත්ත්ව ගැන පසුගිය සතිය තුළ පැවති විවාදාපන්න තත්ත්ව හමුවේ මූලික තීන්දුවකට පැමිණ තිබිණි. ඒ, මුදල ඇමැතිවරයා හෝ මහ බැංකු අධිපතිවරයා හෝ දෙදෙනාගෙන් කෙනෙකු වෙනුවෙන් පමණක් ශ‍්‍රීලනිපය පෙනී සිටිය යුතු බවය. විශේෂයෙන්ම මෙම ආණ්ඩු පක්ෂ රැස්වීමේ දී ඇමැති ලසන්ත අලගියවන්න මහතා අර්ජුන් මහේන්ද්‍රන් මහතාට සේවා දිගුවක් ලබා නොදිය යුතු බව කරුණු සහිතව දැඩිව පවසා ඇත. ඊට එරෙහිව එජාපයේ කිසිවකුත් හෝ කරුණු දැක්වීමක් සිදු කර නොමැත. මෙහි දී ලසන්ත අලගියවන්න ඇමැතිවරයා වෙතින් ප‍්‍රකාශයට පත්ව තිබුණේ ජනාධිපතිවරයාගේ උවමනාව බව ශ‍්‍රීලනිපයේ ආර්ංචි මාර්ග පවසයි.

එමෙන්ම සම්මුතික ආණ්ඩුව තවදුරටත් පවත්වාගෙන යාම සඳහා රවී කරුණානායක මහතාගේ ඇමැති ධුරය රැකගැනීම සිදුවිය යුතු නිසා විශ්වාසභංගයට එරෙහි වීමට තීන්දුවක් ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් මෙම රැස්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා අගමැතිවරයා සහ ශ‍්‍රීලනිප මන්ත‍්‍රී කණ්ඩායම අතර සාකච්ඡාවක් ද පවත්වා ඇත. කෙසේ නමුත් මේ වන විට මහ බැංකු අධිපතිවරයාට සමීප එජාප මැති ඇමැතිවරුන් පවා ඔහුව ආරක්ෂා කිරීම සඳහා ඉදිරිපත් නොවීම විශේෂ සිදුවීමකි. එහෙත් අගමැතිවරයාගේ ස්ථාවරය තවදුරටත් මහේන්ද්‍රන් මහතා එම තනතුරේ තබා ගත යුතු බවය.

එමෙන්ම මෙම රැස්වීමට පසු දින මෙරට ආර්ථික උපාය මාර්ගය සකස් කිරීම සඳහා ජනාධිපතිවරයා මේ වන විට ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරු 6 දෙනකුගෙන් සමන්විත කමිටුවක් ද පත් කර ඇත. එම කමිටු වාර්තාව සමඟ එජාපය සමඟ සාකච්ඡාවක් ද නුදුරේම සිදු කිරීමට නියමිතය. මේ අනුව ජනාධිපතිවරයා මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් අගමැතිවරයා අත තිබූ ඒකාධිකාරය තමන් වෙතට ද ලබා ගැනීම සිදු වෙමින් පවතී. රවී කරුණානායක මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව විවාදයට ගත් පසුගිය බ‍්‍රහස්පතින්දා මහ බැංකු අධිපතිවරයා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු ශ‍්‍රීලනිපයේ මතය පාර්ලිමේන්තුව තුළ ප‍්‍රකාශයට පත් කරනු ලැබුවේ එස්. බී. දිසානායක මහතා සහ මහින්ද අමරවීර මහතාය. මහ බැංකු අධිපතිවරයාට සේවා දිගුවක් ලබා නොදිය යුතු බව එහි දී පැහැදිලිව ප‍්‍රකාශ කෙරිණි.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close