Breaking News
Home / Gossip / රට වෙනස් කරපු වෙබ් වීරයන්ව අද සජීවීව දැකගන්න.

රට වෙනස් කරපු වෙබ් වීරයන්ව අද සජීවීව දැකගන්න.

යහපාලන ආණ්ඩුව බලයට පත්වන්නේ දැනට බලයට පත්වී ආණ්ඩු කරන එක්සත් ජාතික පක්ෂයේ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමත් කමකට නොව අයුක්තියෙන්,අසාධාරණයෙන් මිරිකී, තැලී පෙලී සිටි සමස්ථ ශ්‍රී ලාංකීය ජනතාවගේ එකමුතුකමට පින් සිද්ධ වෙන්නටය. මෙම එකමුතුව ඇති කිරීමට මුල් වන්නේ මේ රටේ ප්‍රධාන ධාරාවේ විද්‍යුත් මාධ්‍ය හෝ මුද්‍රිත මාධ්‍ය නොව මේ රටේ තරුණ පරම්පරාවෙන් සන්නද්ධ වූ සමාජ මාධ්‍ය සමගින් අත්වැල් බැඳගත් වෙබ් මාධ්‍යයයි.

එදා ජනාධිපතිවරණයට පොදු විපක්ෂයට අපේක්ෂකයෙකු නොමැතිව ලත වෙද්දී, ආණ්ඩු බලයේ සිටි පක්ෂයේ මහලේකම් වරයා වූ සහ එවක සෞඛ්‍ය අමාත්‍යවරයා වු මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිර්භීත ආගමනයත් සමග හිත් වලින් බලවත් වූ ඒ වෙනස සොයා යෑම උදෙසා සමාජ මාධ්‍ය සමගින් අත්වැල් බැඳගත් වෙබ් මාධ්‍යයට නව පණක් ගෙන එමින් ඒ නොවැම්බර් 21 දිනය එළඹුනේ අයුක්තියෙන්, අසාධාරණයෙන් විඩාවූ ශ්‍රී ලාංකීය ජනතාව කෙලින් සිටුවා නව වෙනසක් සොයා යෑමටය.

එදා ඒ ජනතවගේ වීරයන් පිළිබඳව කතිකාවතක් පසු කලෙකදී මාධ්‍ය තුළ යාන්තමින් ඇවිත් ගියා පමණී.

එදා වෙනසකට මුල් පිරූ ඒ සමාජ මාධ්‍ය හා වෙබ් මාධ්‍ය කලාවේ මෙහෙයවන්නන් කව්ද..? ඇයි ඔවුන් වෙනසකට මුල් පිරුවේ..? කෙතරම් තර්ජන ගර්ජන ආවාද..? කොහොමද ඒ අතීතය..? කොහොමද කළේ..?

මේ නොවැම්බර් 21 සවස 7 ඉඳන් රාත්‍රී 10 වෙනකන් අපි කථා කරමු. ඒ සියල්ලේ නියෝජනයන් සමගින්.එක් වෙන්න අපි සමගින්. වෙනස් කරපු ඒ නව මාධ්‍ය කලාවේම සජිවී විකාශයත් සමගින්.dd

About Tech Lanka

Check Also

untitled-2

Breaking News : දුමින්ද සිල්වා හෙට එලියට

භාරත ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධියට වැරදිකරු වී මරණ දඩුවම නියම වී සිටින දුමින්ද සිල්වා හෙට (11) …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close