Breaking News
Home / Gossip / රජා වගේ මම කන්නේ නෑ – ජනපතිගෙන් සැර පිළිතුරක්

රජා වගේ මම කන්නේ නෑ – ජනපතිගෙන් සැර පිළිතුරක්

රජා කාපු විදියට මම කන්නේ නෑ. එදා කෑවෙත් කෙහෙල් කොළේ ඔතාගෙන ආ කෑමයි. අදත් එහෙමයි. රජා රජා විදියට කෑ යුතුයැයි හිමිනමක් එදා කියා තිබුණා. රජා ග්‍රාම සේවක විදියට නොකෑ යුතු බවත් ඒ හිමියන් කියා තිබුණා. ඒත් මම කන්නේ එදා විදියටමයි.
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙලෙස අදහස් පල කළේ කොළඹ නෙළුම් පොකුණ රගහලේදී  පැවැති  ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ 33 වැනි සංවත්සරය අමතමින් .
තම අතීතය සිහිපත් කළ ජනපති පැවසූයේ පරිපාලන සේවයේ පුංචිම තැනකින් ගමන අරඹා ළඟා විය හැකි ඉහළම තැනට පැමිණි බවයි. දවසක් මම වැඩට එන විට ‘ග්‍රාම සේවකයා ගෙදර පළ‘ කියා තිබුණා. මම යන්න ඕන තැනට දැන් ගිහින් ඉවරයි‘ යැයිද ජනපති පැවසීය.

 
පසුගියදා පිටිදූවේ සිරිධම්ම හිමියන් විසින් ජනාධිපතිවරයාට අපහාස වන අයුරින් අදහස් දක්වමින් කියා සිටියේ රජකු ග‍්‍රාම නිළදාරියකු ලෙස ආහාර නොගත යුතු බවයි. පසුගිය සමයේ රජෙක් සිටි බවත් රාජ භෝජන හා රජ සැප වැළදීමේ වරදක් නොමැති බවත් සිරිධම්ම හිමි පවසා තිබුණා. 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close