Breaking News
Home / Gossip / රංඟන ශිල්පී පේ‍්‍රමදාස විතානගේ අභාවප‍්‍රාප්ත වෙයි

රංඟන ශිල්පී පේ‍්‍රමදාස විතානගේ අභාවප‍්‍රාප්ත වෙයි

ප‍්‍රවීන රංඟන ශිල්පී පේ‍්‍රමදාස විතානගේ මහතා අද (18) අභාවප‍්‍රාප්ත වුණා. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 63ක්.

කලක් පිලිකා රෝගයෙන් පීඩා විඳි ඔහු කළුබෝවිල ශික්ෂණ රෝහලේදී අද (18) අභාවප‍්‍රාප්ත වූ බවයි පවුලේ ඥාතීන් ප‍්‍රකාශ කළේ. පේ‍්‍රමදාස විතානගේ මහතාගේ දේහය දෙහිවල කරගම්පිටියේ නිවසේ තැන්පත් කිරීමට නියමිතයි.

ප‍්‍රහසන නළුවෙකු ලෙස වසර 45 ක් වේදිකාව, ටෙලිනාට්‍ය සහ චිත‍්‍රපට යන ක්ෂේත‍්‍රවලදී ඔහු සිය රංගන ප‍්‍රතිභාව විදහා දැක්වූවා. සාජන් නල්ලතම්බි, සිවම්මා ධනපාල, යන වේදකා නාට්‍යවල මෙන්ම කෝපි කඬේ ටෙලිනාට්‍යයේ මිනී පෙට්ටි මුදලාලිගේ චරිතයද රඟ දක්වමින් ඔහු ජනාදරයට පත්වුණා. 

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close