Breaking News
Home / Gossip / රංගන,සචිත්‍ර,ජෙෆ්රි තිදෙනාම පිටියට – එංගලන්තය පරදන ලංකාවේ සැළැස්ම මෙන්න

රංගන,සචිත්‍ර,ජෙෆ්රි තිදෙනාම පිටියට – එංගලන්තය පරදන ලංකාවේ සැළැස්ම මෙන්න

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව  සහභාගී වන මීළඟ තරගය එංගලන්ත කණ්‌ඩායම සමග හෙට (26) පැවැත්වෙනවා.

 

 

ශ්‍රී ලංකාව පළමු කාණ්‌ඩයෙන් අවසන් පූර්ව තරග අවස්‌ථාව උදාකර ගැනීමට නම් එංගලන්තය සමඟ තරගයත් ලබන 28 වැනිදා පැවැත්වෙන දකුණු අප්‍රිකාව සමඟ තරගයත් අනිවාර්යයෙන්ම ජය ගත යුතු තත්ත්වයකට පත්ව සිටිනවා.

 

හෙට තරගයේදී එංගලන්තය ජයගතහොත් ඔවුන් පළමු කාණ්‌ඩයෙන් අවසන් පූර්ව තරග අවස්‌ථාවට සුදුසුකම් ලබා ගනු ඇති.

 

ශ්‍රී ලංකා කණ්‌ඩායම අද පස්වරුවේ දී දිල්ලි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පුහුණුවීම්වල නිරත වන අතර ඔවුන් දිල්ලි නුවරට පැමිණීමෙන් පසුව මෙම ක්‍රීඩාංගණයේදී සහභාගි වන පළමු පුහුණු සැසියද මෙය වනවා.

 

 

දිල්ලි තණතීරුව දඟ පන්දු යවන්නන්ට තෝතැන්නක්‌ වන අතර හෙට තරගයේදී රංගන හේරත්, සචිත්‍ර සේනානායක, ජෙෆ්රි වැන්ඩසේ යන තිදෙනාම ක්‍රීඩා කරවීමේ වැඩි අවස්‌ථාවක්‌ ඇති බවයි පැවසෙන්නේ.

 

පිතිකරුවකු ලෙස කණ්‌ඩායමට කැඳවා තිබෙන ෂෙහාන් ජයසූරිය පසුගිය දින කිහිපයේ පැවැති පුහුණුවීම්වලදී පිතිකරණ සහ පන්දු යැවීමේ පුහුණුවීම්වල  වැඩි වශයෙන් නිරත වනු දක්‌නට ලැබුණු අතර ඒ අනුව ඔහුගේ සහභාගීත්වය ද බලාපොරොත්තු විය හැකි බවයි වාර්තා වන්නේ.

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close