Breaking News
Home / Gossip / යෝෂිත හිර කළේ නිකම්ම නෙවේලු

යෝෂිත හිර කළේ නිකම්ම නෙවේලු

යෝෂිත රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගැනීමට පෙර ඔහුට තිබූ චෝදනා පිළිබඳව වසරක පමණ කාලයක්‌ පරීක්‍ෂණ පැවැත්වූ බවත් ඔහු CSN නාලිකාවේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇති බවට Email පණිවුඩ 12000 කින් පමණ තහවුරු කරගෙන ඇති බවත් ආරක්‍ෂක ප්‍රධානීන් ජනපති සහ අගමැති වෙත පැහැදිලි කර ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත් ලුතිනන් යෝෂිත රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගැනීමට අදාළ කරුණු සම්බන්ධව ජනාධිපති සහ අගමැති, ආරක්‍ෂක ප්‍රධානීන්ගෙන් කරුණු විමසූ අවස්‌ථාවේ ඔවුන් මේ බව පවසා තිබේ.

කෙසේ වෙතත් දේශපාලනඥයන් හෝ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමට පෙර ඔවුන්ට එල්ල වී ඇති චොදනා පිළිබඳව නිරවද්‍යතාව දැඩි ලෙස තහවුරු කරගත යුතු බවට ජනාධිපති සහ අගමැති පවසා තිබේ. ඊට පිළිතුරු දෙමින් ආරක්‍ෂක ප්‍රධානීන් මේ බව පවසා ඇත.

අකිත පෙරේරා – උපුටා ගැනීම දිවයින පත්තරෙන්

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close