Breaking News
Home / Gossip / යෝෂිත යළි රක්ෂිතයට

යෝෂිත යළි රක්ෂිතයට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්‍ෂ මහතා ලබන මස 10 වනදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ, කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණය අද (25) ලබාදුන් නියෝගයක් අනුවයි. සී එස් එන් නාලිකාවේ සිදුවූ බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් යෝෂිත රාජපක්‍ෂ මහතා චෝදනා ලබා සිටිනවා.

මෙම චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන සිටින සෙසු සැකකරුවන් හතර දෙනාද ලබන 10 වනදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමටයි කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණය අද නියෝග කළේ. නිශාන්ත රණතුංග, රොහාන් වැලිවිට, අශාන් ප‍්‍රනාන්දු සහ කවිෂාන් දිසානායක යන මහත්වරුන් එම සැකකරුවන් වනවා. 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා, ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය සහ නාමල් රාජපක්‍ෂ මහතාද කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත අද පැමිණ සිටි බවයි

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close