Breaking News
Home / Gossip / යහපාලන රජයේ ප්‍රබල කැබිනට් ඇමතිවරු කිහිප දෙනෙකුට ඇමතිකම් අහිමි වෙයි.

යහපාලන රජයේ ප්‍රබල කැබිනට් ඇමතිවරු කිහිප දෙනෙකුට ඇමතිකම් අහිමි වෙයි.

ලබන සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත ජිනීවා මානව හිමිකම් සමුළුවට පෙර කැබිනට්‌ මණ්‌ඩලයේ සංශෝධනයක්‌ සිදු කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.

මෙම කැබිනට්‌ සංශෝධනය මගින් රජයේ ප‍්‍රබල ඇමැතිවරුන් කිහිප දෙනකුට තමන් මේ වන විට දරන අමාත්‍ය ධුර අහිමි වීමට ඉඩ තිබෙන බවද එම ආරංචි මාර්ග පැවසීය.

යහපාලන රජයේ ප‍්‍රතිපත්ති වලට හානිදායක ලෙස හැසිරෙන ප‍්‍රබල ඇමැතිවරුන් කිහිප දෙනකු පිළිබඳව ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් පැමිණිලි ලැබී ඇති අතර ඇතැම් ඇමැතිවරුන් පිළිබඳව කැබිනට්‌ මණ්‌ඩලය තුළින්ම පැමිණිලි එල්ල වී ඇතැයිද වාර්තා වේ.

මහජනතාවගේද දෝෂ දර්ශනයට ලක්‌ව ඇති එවැනි ඇමැතිවරුන් තව දුරටත් එම අමාත්‍ය ධුරයන් දැරීම ආණ්‌ඩුවේ පැවැත්මට සහ ස්‌ථාවරත්වයට හානිදායක වීමට ඉඩ ඇති නිසා රජය මෙම තීරණය ගෙන ඇත.

ඊට අමතරව 92 දෙනකුගෙන් සමන්විත වන වත්මන් ඇමැති මණ්‌ඩලයට තව නොබෝ දිනකින් තවත් කැබිනට්‌, රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිවරුන් එක්‌ අයෙකු බැගින් බඳවා ගැනීමට නියමිතය.

ජාතික ආණ්‌ඩුවක්‌ පිහිටුවීමේදී ඇමැති මණ්‌ඩලය 95 දෙනකුගෙන් සමන්විත විය යුතු බවට ගත් තීරණය අනුව මෙම ඇමැතිවරුන් එක්‌ කර ගැනීමට නියමිතය.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close