Breaking News
Home / Gossip / යහපාලන ආණ්ඩුව මහජන මතයට හිස නමයි..!

යහපාලන ආණ්ඩුව මහජන මතයට හිස නමයි..!

ජනතාව අතර ආන්දෝලනයකට ලක්වූ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ දීමනා වැඩි කිරීම මහජන අදහස් සැලකිල්ලට ගනිමින් අත්හිටුවීමට අද සවස පැවැති පක්ෂ නායක රැස්වීමේදී  තීරණය කර තිබේ.

මන්ත්‍රීවරුන්ගේ දීමනා සංශෝධනය කළ යුතු යැයි රජයට යෝජනා කර තිබුනේ පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව ගනු ලැබූ තීරණයක් අනුවය.  මහජන අදහස් ද සැලකිල්ලට ගනිමින් ගෘහ කාරක සභාවේ තීරණය යළි සලකා බැලීම සුදුසු යැයි පාර්ලිමේන්තුවේ අද පස්වරුවේ පැවති පක්ෂ නායක රැස්වීමේදී කථානායක කරු ජයසූරිය මහතා විසින් පෙන්වා දෙන ලදී. 

ඒ අනුව, සියලු පක්ෂ නායකයන්ගේ ද අදහස් විමසීමෙන් අනතුරුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දීමනා සංශෝධනය පිළිබඳ ගෘහ කාරක සභාවේ යෝජනා වහාම අත්හිටුවීමට තීරණය කෙරිණ. එසේ වුවද, දැනට මාදිවෙල නිවාස සංකීර්ණයෙන් නිවාසයක් ලබා දී නොමැති මන්ත්‍රීවරුන් හත් දෙනා වෙනුවෙන් යම් සාධාරණත්වයක් ඉටු කිරීමටද  සියලු දෙනාගේම එකඟත්වය පළවිය.

About Tech Lanka

Check Also

ජනපති වෙබ් අඩවිය හැක් කල සිසුවාට ජනපති දුන් දේ

ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්වී එහි දත්ත වෙනස් කිරීමේ සිදුවීමට අදාළ පාසල් සිසුවා සිය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close