Breaking News
Home / Life / යනවානං අනේ මං අරං… මෙහෙ මැච් බලන්න යමුකො රත්තරං…

යනවානං අනේ මං අරං… මෙහෙ මැච් බලන්න යමුකො රත්තරං…

1. HPCA Stadium, Dharamsala, India – සීත අරනේ

Dharamsala

නිතරඟයෙන් ලොව ලස්සනම ක්‍රිකට් ක්‍රීඩාංගනය ලෙස දැක්විය හැක. ක්‍රීඩාංගනයට පිටතින් හිමාලය පිහිටන අතර පක්ෂීන්ගෙන් සහ ගස් කොලන්වලින්ද අවට අඩුවක් නැත. හිමාලයේ දර්ශණීය පසුබිම ක්‍රිකට් හි ආසාව දැඩි කරවයි. එයටම සරිලන සුන්දරත්වයකින් පිටත පමණක් නොව ක්‍රීඩාංගනයේ ඇතුළත නිමාවද ඇසට ඉතා අයස්කාන්ත දර්ශනයක් ගෙනදෙයි.

 

2. Pallekele, Kandy, Sri Lanka – කඳුකරේ ක්‍රිකට් කතන්දරේ

Pallekele

කඳු වළල්ලකින් සහ ගස් කොලන්වලින් වටවූ පල්ලෙකැලේ ක්‍රීඩාංගනය ශ්‍රී ලාංකිකයන්ගේ සේම පිටරුටියන්ගේද ආදරය දිනාගත් ආකර්ශණීය ක්‍රීඩාංගනයකි. ඈතින් ඈතට විහිද යන කඳු වලල්ල නිසා මෙම ක්‍රීඩාංගනය සුළඟින්ද හෙබි අතර ප්‍රේක්ෂකයන්ට රිසි සේ වැතිර සිටීමට තණ බිස්සක්ද ඇත.

 

3. The Lord’s, London, England – මහගෙදර

Lords

මෙය හඳුන්වන්නේ home of cricket ලෙසිනි. දහඅට වන සියවසේ මුල් කා‍ලයේදී සාදන ලද මෙම ක්‍රීඩාංගනය තෝමස් ලෝඩ් විසින් නිමවූවකි. ඉතා දැකුම්කළු අවට පරිසරයකින් සේම ප්‍රමිතියකට සහ දැකුම්කළු ලෙස කෙරැණු නිමාවකින් මෙම ක්‍රීඩාංගනය නිර්මිතය. මෙහි ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරග 4ක් පවත්වා ඇත.

 

4. Eden Park Auckland – New Zealand – දොං නං දොං.. සිමං නං සිමං.. දොං සිමං දෙකම බෑ

Eden Park

රග්බි සහ ක්‍රිකට් ක්‍රීඩා දෙක වෙනුවෙන්ම භාවිතා කරන මෙම ක්‍රීඩාංගනය ලොව විචිත්‍රතම ක්‍රීඩාංගනයක් වාගේම පැරණි ඉතිහාසයක්ද ඇත්තක්. ඉතා ‍දැකුම්කලු පරිසරයකින් සමන්විත මෙහි ගිම්හාන කාලයේදී ක්‍රිකට් ක්‍රීඩා කරන අතර ශීත කාලයේදී රග්බි ක්‍රීඩා කිරීමට යොදාගනියි. රග්බි ලෝක කුසලාන අවසන් මහා තරග දෙකක්ද ඒඩ්න් පාක් පිටියෙහි පවත්වා ඇත. බලන බලන හැම පින්තූරෙකම ඊඩ්න් පාක් ග්‍රවුන්ඩ් එකේ උඩ පේන වළාකුළු පුදුම ලස්සනයි. අශ්ව රේස් පිට්ටනියක් තියෙන නිසා තවත් වටිනාකමක් එක්ක ලස්සනක් එකතු වෙලා තියෙනවා. ඒ ඔක්කොමටත් වඩා ගස්කොලං තියෙන වටපිටාවකිනුත් නියම ලස්සන ලයිට් සෙටින් එකකිනුත් ඊඩ්න් පාක් ලස්සන වෙලා තියෙනවා.

 

5. Wormsley Park, Buckinghamshire – කඳුකරේ රසයක් ඉතිරේ

Wormsley

සෙල්ලං කරපු ඕනම කෙනෙකුට ඒ දවස අමතක නොවන විදියේ රූපමය අත්දැකීමක් දෙන්න වෝම්ස්ලි ක්‍රීඩාංගනයට පුළුවන් විත්තිය මේ අයස්කාන්ත දර්ශනය දිහා බලන ඔනම කෙනෙකුට තේරෙනව. වටේට ගස්කොලං පිරුණු කැලෑවක් වගේම තැනිතළාවකුත්, වෙනස්ම විදියෙ සුන්දරත්වයක් දක්වන ක්‍රීඩා මන්ඩපයකුත් තියෙන නිසා අවුට්වෙන්න ලෝබ හිතෙන්න ඉඩ තියෙනව.

 

6. Arnos Vale Cricket Ground, St. Vincent – මහ මුහුදු විමානේ

Arnos Vale

කැරබියන් දූපත්වල තියෙන මනස්කාන්ත දසුන් පිරි ක්‍රීඩාංගනයක් ලෙස ලෝකයට මෙය වැදගත් වනවා වගේම බටහිර ඉන්දීය කොදෙවුවන් සමග මෙම ක්‍රීඩාංගනයේ පැවැත්වුනු පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවටද එය එකසේ වැදගත්. ගල්පර, ගස්කොලන්, කඳු වගේම මුහුදු තීරයකිනුත් ලස්සන වුනු වටපිටාවක් නිසා ඇහැට ලස්සනයි වගේම ඇඟටත් සනීප ඇති.

 

7. Queenstown Events Centre, Otago – කඳු මත තණනිල්ලේ කතාව

Queenstown

නවසීලන්තයේ රිමාකබල්ස් කඳුවැටිය පාමුල මෙම සොඳුරු දසුන් පිරි ක්‍රීඩාංගනය වෙයි. එය පරයා ගලන වකාටිපු විල මෙය අවට සිහිල් මදනල ඇති කරනවා සේම රිමාකබල්ස් දැවැන්තයාගේ දසුන තවත් මිහිරි කරවයි. මේ හරහා ගුවන් මගක්ද වැටී ඇති නිසා නොයෙක් විට ප්‍රේක්ෂක අවධානය බැහැර කරවීමට සමත්වෙයි. ක්‍රීඩාවද සමග ස්වභාවධර්මයද එක සිතක සිරකරවීමට මෙම ස්ථානය සමත්ය.

 

8. Galle International Stadium – බලකොටු මැද්දේ ක්‍රිකට් සංග්‍රාම

Galle

තව මොනව කියන්නද? සුනාමියෙන් හානි වුනත් යළි නැගිටුනු ගාල්ල ක්‍රීඩාංගනය ලාංකීය ක්‍රිකට් ලොව පතාක යෝධයන්ට මනරම් සමුගැනීමේ සාද ලබාදුන් ක්‍රීඩාංගනයකි. එය මුරලිගේ කඩුළු අටසියයේ අවසානයට සේම සංගාට සහ මහේලටද එසේම විය. පසෙකින් නැවුවලට මග කියන පහන් කණුවකි. ඒ හා සමග සංස්කෘතික උරුමයක් වුනු ගාලු කොටු බැම්මයි. එය ප්‍රේක්ෂකයන්ටද බොහෝ විට අසුන් පනවයි. එම ප්‍රෘඩත්වය සමග එන මුහුදු මද නළ ලාංකික ක්‍රිකට් ලෝලියාගේ මනස කුල්මත් කරන බව නොරහසකි.

About Tech Lanka

Check Also

1454332896109-768x432

ලෝකයේ හොඳම කුක් අභිරහසක් වෙයි

ස්විස්ටර්ලන්තයේ ලෝසාන් නගරය ආසන්නයේ ඇති හොටෙල් ඩි විලේ හෝටලයේ වසර ගණනාවක් ප්‍රධාන සුපවේදියා ලෙස කටයුතු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close