Breaking News
Home / Gossip / මෛත්‍රී රනිල් ඉන්නේත් බරපතල අනතුරක බව හෙළිවේ

මෛත්‍රී රනිල් ඉන්නේත් බරපතල අනතුරක බව හෙළිවේ

අතුරුදහන් කරන ලද මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ රාජගිරියේදී පැහැර ගැනීම සිදුකළ දැනට රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින ගිරිතලේ කඳවුරේ එවක ප්‍රධානියා වූ ලුතිනන් කර්නල් ෂම්මි කුමාරරත්න, ලුතිනන් කර්නල් ප්‍රබෝධ සිරිවර්ධන ඇතුළු පිරිස නිදහස් කරන ලෙස ඉල්ලමින් පසුගියදා උද්ඝෝෂනයක් සංවිධානය කරන ලද්දේ අද කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතන කණ්ඩායමේ ලීඩර් ලෙස කටයුතු කළ බවට හසුවී සිටින යුද හමුදා බුද්ධි අංශයේ සාජන්ට් මේජර් ප්‍රේමානන්ද උදලාගම විසින් බව රහස් පොලිසිය වෙත හෙලි වී තිබේ. ඒ අත් අඩංගුවේදී උදලාගම විසින්ම කරන ලද පාපෝච්ඡාරණයේදී ය.

එපමණක් නොව මිනීමරුවන් රණවිරුවන් ලෙස පුම්බමින් ගලගොඩ අත්තේ ඥානසාර අධිකරණයට අපහාස කළ අවස්ථාවේදී ඥානසාරව අත් අඩංගුවට ගෙන නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කර ඔහු රිමාන්ඩ් කළ දා අධිකරණය ඉදිරියේ ඩෙඟා නැටීම සංවිධානය කරන ලද්දේ තමා විසින් යැයිද, තමා සමග එදා බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් ඊට සහභාගී වූ බවත් සාජන්ට් මේජර් ප්‍රේමානන්ද උදලාගම විසින් පාපෝච්ඡාරණය කර ඇත. 

‘ඥානසාරගේ සහායට හෝමාගම අධිකරණයට ආ හෙංචාසාරලා අතර යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් 20 ක් හඳුනාගෙන‘ මැයෙන් 2016 -ජන – 28 දා ලංකා ඊ නිව්ස් මේ බව වාර්තා කර තිබේ. 

මීට අමතරව ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීමේ නඩුවේ දී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටින නීතිඥ දිලීප පීරිස් මහතාට මරණ තර්ජන කරමින් ඔහුගේ නිවස වටා පෝස්ටර් ගසා ඇත්තේ ද සාජන්ට් මේජර් ප්‍රේමානන්ද උදලාගම විසිනි.

මෙහි ඇති භයානකම තත්ත්වය මෙසේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ සාජන්ට් මේජර් ප්‍රේමානන්ද උදලාගම වෙනුවෙන් පෙනී සිටින්නේ නීතිඥ ශිරාජ් නූර්දීන් නමැත්තෙකි. මෙකී නීතිඥයා අන් කවරෙක් හෝ නොව වත්මන් යුද හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ ටී. සුරේෂ් සලේ සමග එක පන්තියේ උගෙන ගත් කලාස් මේට් කෙනෙකි. ප්‍රේමානන්ද උදලාගම නමැති බිහිසුණු අපරාධ රැසක සැකකරුවෙකු වෙනුවෙන් පෙනී සිටින ලෙස නූර්දීන්ට කොන්ත්‍රාත්තුව දී ඇත්තේ සුරේෂ් සලේ විසිනි. නීතිඥ ගාස්තු ගෙවා ඇත්තේ යුද හමුදාවේ බුද්ධි අංශය සතු රහසිගත ගිණුමෙන් වීම මෙහි ඇති බරපතල කම වඩාත් තියුණු කරයි.

මෙකී රහසිගත ගිණුම කාට රහසක් වුවත් යුද හමුදාපතිවරයාට රහසක් නොවන බව යුද හමුදාපතිවරයා විසින්ම තහවුරු කර තිබේ. 

ඒ අනුව මෙසේ අපරාධ කරුවන්ට මහජන මුදල් වියදම් කිරීමට ඉඩ දීම ගැන යුද හමුදාපතිවරයා නොදැන සිටිය නොහැකිය. රජයේ සේවකයෙකු යම් අපරාධයක සැකකරුවෙකු වූ විට ඔහුගේ නීතිඥ ගාස්තු රජයෙන් ගෙවීම නීති විරෝධී වේ. ඒ අනුව යුද හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වා නීති විරෝධී ක්‍රියාවකට සම්බන්ධ වී ඇත.

ප්‍රේමානන්ද උදලාගම සිද්ධියත් සමග ගෝඨාභය යුගයේදී යුද හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ ලෙස පත් කර තවමත් එම ධූරය දරණ ටී. සුරේෂ් සලේ සම්බන්ධයෙන් බරපතල ගැටළු මතු කරයි.

මෛත්‍රී රනිල් බෙල්ලට තොණ්ඩුව දාගෙන 

ලසන්ත ඝාතනය සිදුකෙළේ උදලාගම නායකත්වය දුන් පිරිසක් යැයි සලේ දැන සිටියා නම් යහපාලන ආණ්ඩුව පත්වීමෙන් පසුවත් රටේ බරපතල අපරාධයක් සිදුකළ පුද්ගලයෙකුට ආරක්ෂාව හා පහසුකම් සපයමින් සලේ රටේ නීතිය කඩ කර තිබේ. නීතිය ඉදිරියේ අපරාධ කරුවෙකුට ආරක්ෂාව සැලසීමද අපරාධයට හවුල් වූවා හා සමානය. ලසන්ත ඝාතනය සිදුකෙළේ උදලාගම නායකත්වය දුන් පිරිසක් යැයි සලේ දැන සිටියේ නැති නම් ඔහු රටක බුද්ධි අංශ ප්‍රධානියෙකු වීමට කිසි සේත්ම සුදුසු නැති පුද්ගලයෙකි. මන්ද යත් තමන් යටතේ තමන්ගේ හිතවතෙකු ලෙසම ප්‍රධාන පෙළේ අපරාධ කරුවෙකු සිටින බව නොදන්නා බුද්ධි අංශ ලොක්කෙකුගෙන් සත පහක වැඩක් නැති බැවිනි. 

මේවා සරල සිල්ලර දෙකයි පනහේ කාරණා නොවේ. දේදුනු විප්ලවයකින් මිනීමරු රෙජීමයක් පරදා ජයගත් නායකයන්ගේ ජීවිතයත් මරණයත් අතර කාරණා වේ. මිනීමරු රෙජීමයක සිටි බුද්ධි අංශ ප්‍රධානියෙකු එම රෙජීමය පරදා ජයගත් නායකයන් විසින් ද තව දුරටත් එම තනතුරේම තබා ගන්නවා දැක ගත හැක්කේ ලංකාවේ පමණි. මේ තරම් මෝඩ කමක් තවත් නැත. මෙය මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ දෙදෙනා විසින් බෙල්ලට තොණ්ඩුව දාගෙන අනෙක් කොන සුරේෂ් සලේ අතට දී හිනාවෙවී සිටිනවා වැනි වැඩකි.

——————————————————————————————————

(ගෝඨාභය රාජපක්ෂ විසින් යුද හමුදා බුද්ධි අංශයේ අධ්‍යක්ෂ වරයා ලෙස ටී.සුරේෂ් සලේ මහතාව පත් කරන ලද අවස්ථාවේදී එනම් 2013 පෙබරවාරි 02 වෙනිදා තරම් ඈත කාලයේදී ඒ සම්බන්ධයෙන් ලංකා ඊ නිව්ස් පළ කළ වාර්තාවක් යලිදු උපුටා පළ කරමු. අප එදා කී අනාවැකි වලින් කීයක් සත්‍ය වී ඇතිද? දේදුනු විප්ලවය නිසා කීයක් වළක්වා ගත හැකි වීද? යන්න පාඨක ඔබටම පසක් වනු ඇත.)

බෞද්ධ-මුස්ලිම් ගැටුමක් නිර්මාණය කිරීමට ගෝඨා හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ ලෙස නුසුදුසු මුස්ලිම් ජාතික කර්නල් සලේ පත් කරයි..!

(-2013.පෙබ.02, පෙ.ව.6.30) රාජපක්ෂ පවුලේ දීර්ඝ කාලීන පැවැත්ම සඳහා ශ්‍රී ලංකාවේ මුස්ලිම් සහ බෞද්ධ ජනතාව අතර විරසකයක් නිර්මාණය කිරීම ඉතාමත් සූක්ෂම අන්දමින් කුමන්ත්‍රණය කරමින් සිටින ගෝඨාභය රාජපක්ෂ ඒ සඳහා දිගු කාලීන පියවරක් තබමින් යුද හමුදාවේ බුද්ධි අංශයේ අධ්‍යක්ෂ වරයා ලෙස සුදුසුකම් වලින් ඉතා අඩු නාමික මුස්ලිම් ජාතිකයෙකු වන ටී සුරේෂ් සලේ නමැති තාවකාලික කර්නල් වරයා පත් කළ බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වාර්තා කරයි.

ටී සුරේෂ් සලේ ශ්‍රී ලංකාවේ වෙසෙන ජා හෙවත් මැලේ ජාතිකයෙකි. ආගම නාමිකව මුස්ලිම් වුවද කිසිදු ආගම ධර්මයකට නැති මොහුගේ ආගම නම් මුදල් හෝ තනතුරු සඳහා අවස්ථාවාදී වීම පමණි. ඔහු යුද හමුදාවට බැඳුණු අංකය 0/61101 වේ. දැනට යුද හමුදාවේ තාවකාලික කර්නල් වරයෙකි. බුද්ධි අංශ අධ්‍යක්ෂ ධූරයට සාමාන්‍යයෙන් අවම වශයෙන් බි්‍රගේඩියර් නිලය දරන්නෙකු පත් කළ යුතු වුවද ඉතිහාසයේ පළමු වරට තාවකාලික කර්නල් වරයෙකු පත් කර තිබේ.

මොහුගේ ඉතිහාසය ඉතා නරකය. යුද කාලයේදී මොහු වැනි දෙමළ භාෂාවද දන්නා පුද්ගලයන් යුද හමුදා බුද්ධි අංශයේ සිටිමින් කර ඇත්තේ බොරු රඟපෑමකි. තම තොරතුරු සපයන්නන්ට ගෙවිය යුතු යැයි කියමින් අති මහත් මුදලක් ගසා කා තිබේ. මන්ද යත් එම ගණන් හිලව් හෙළිදරව් කිරීම නොකරන බැවිනි. මන්ද යත් ඒවා රාජ්‍ය රහස් නිසා ය. ගණන් හිලව් නැතිව සල්ලි ගසා කෑමේ හොඳම අවස්ථාවක් කරගෙන බුද්ධි අංශයේ සිටි මොහු වැනි අයගෙන් කිසිදු සේවාවක් සිදු නොවූ නිසා හිටපු යුදහමුදාපති ජෙනරාල් ෆොන්සේකා අවසන් යුද මෙහෙයුම භාර ගැනීමෙන් පසුව මොවුන්ව බුද්ධි අංශ වගකීම් වලින් ඉවත් කෙළේය. එල්ටීටීඊයට හමුදා මෙහෙයුම් පිලිබඳ සියළු තොරතුරු ගලා ගියේ මෙවැන්නන් නිසා බැවින් ඔහු යුද හමුදා බුද්ධි අංශය සම්පූර්ණයෙන් ශුද්ධ කරමින් එය මේජර් ජෙනරාල් ජම්මික ලියනගේ සහ මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර යන දෙදෙනාට බාර දුන්නේ ය. (ෆොන්සේකා අත් අඩංගුවට ගැනීමත් සමග ජම්මික සහ අමල් දෙදෙනා ගෝඨාභය විසින් අනිවාර්ය විශ්‍රාම ගන්වා හමුදාවෙන් ඉවත් කළේය. අද තව දක්වා විශ්‍රාම වැටුප් ගෙවා නැත.) ප්‍රභාකරන් මිය යනතුරුම බුද්ධි අංශය මෙහෙයැවූයේ එවැන්නන් මිස ටී සුරේෂ් සලේ වැනිවුන් නොවන අතර ඔවුන් පැත්ත පලාතකට වැද්ද ගත්තේද නැත.

මුලදීම සලේගේ ඉතිහාසය ඉතාම නරක යැයි කීවේ ඉතා වැදගත් කරුණක් නිසාය. මොහු හෙන්දාවිතාරණගේ හෙංචයියෙකුව සිට යුද හමුදාවේම බුද්ධි අංශ සාමාජිකයන් ඝාතනය කිරීමට සම්බන්ධ වූ බැවිනි. 

රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව බිඳ වැටීමේදී ප්‍රධාන චෝදනාවක් වූයේ සාම ගිවිසුම සමග යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් එල්ටීටීඊය විසින් ඝාතනය කිරීමට ඉඩ සැලැස්වූවා යන්නය. නමුත් එය එසේ නොවේ. එකළ ඝාතනයට ලක්වූ සියළුම බුද්ධි අංශ නිලධාරීන් සහ ඔවුන්ගේ තොරතුරු සපයන්නන් ඝාතනය කෙළේ හෙන්දාවිතාරණගේ අනුදැනුම මත සුරේෂ් සලේ සහ ඔහුගේ සොයුරාද සම්බන්ධ කන්ඩායමක් විසිනි. සුරේෂ් සලේගේ සොයුරා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙක් වන අතර මිනීමරු සිල්වෙස්ටර්ගේ සමකාලීනයෙකි. සගයෙකි. මොවුන් හෙන්දාගේ නියෝග ඉටු කරමින් සිටියදී තවත් යුද හමුදා බුද්ධි අංශයේ සිටි අවංක දක්ෂ නීතගරුක මුස්ලිම් නිලධාරියෙක් වූ මේජර් මුතාලිෆ්ට මේ කුමන්ත්‍රණය ගැන ඉව වැටුනේ ය. ඔහු ඒ ගැන සොයා බලමින් සිටියදී මුතාලිෆ් ද ඝාතනය විය. එය එල්ටීටීඊයේ පමණක් ක්‍රියාවක් නොවිණ. ඊට හෙන්දාවිතාරණ සහ සලේ සොයුරන්ද පූර්ණ සහාය දුන්නේ ය. මන්ද යත් මොවුන්ගේ කුමන්ත්‍රණ කාරී ක්‍රියාවන් හෙලිවේ යැයි ඇති බිය නිසාය.

මේ සියළු කරුණු මත ජෙනරාල් ෆොන්සේකා හෙන්දා පමණක් නොව සලේ ලා පවා බුද්ධි මෙහෙයුම් වලින් ඉවත් කර තබා යුද්ධය ජය ගැනීමේ ක්‍රියාවලිය ඉටු කෙළ්ය.

අප මේ ගැන හෙළි කෙළේ අද හෙන්දාවිතාරණ සහ සුරේෂ් සලේ ලවා මෝඩ ගෝඨාභය රාජපක්ෂ කරන්නට යන කුමන්ත්‍රණය හෙළි කිරීමට ය. 

කුමන්ත්‍රණය නම් මුස්ලිම් බෞද්ධ ගැටුමක් නිර්මාණය කිරීමයි. මුස්ලිම් බෞද්ධ ගැටුමක් නිර්මාණය කිරීමට රාජපක්ෂලා වළිකන්නේ හේතු කිහිපයක් මතය. එකක් නම් ඇමරිකාව ප්‍රමුඛ බටහිර ඇති මුස්ලිම් විරෝධය පාවිච්චි කරමින් මොවුන්ට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා බොඳ කිරීමට ය. තවත් එකක් නම් කොළඹ අගනගරයේ බහුතරයක් ලෙස සිටින මුස්ලිම් ජනතාව දිවයිනේ අනෙකුත් ප්‍රදේශ වලට පළවා හැර කොළඹ සිංහල බෞද්ධ බහුතරයක් ගොඩ නගා ගැනීමට ය. අනෙක් ප්‍රධානතම හේතුව නම් දිනෙන් දින රාජපක්ෂ රෙජීමයට එරෙහිව ගොඩ නැගෙන ජනමතය වෙනත් පැත්තකට යොමු කිරීමය.

මේ සඳහා බෞද්ධ අන්තවාදයක් රටේ නොතිබියදී ගෝඨාගේ මෙහෙයවීම මත බොදු බල සේනා ගොඩනැංවීය. අප පෙර ප්‍රවෘත්තියකින්ද හෙළි කළ පරිදි ඒ සඳහා ඍජු මෙහෙයවීම් ගෝඨාභය විසින් හමුදා සහ නාවික බුද්ධි අංශ නිලධාරීන් හරහා මෙහෙයවනු ලැබේ. ඒ සඳහා අනේක විධ සත්‍ය සාක්ෂි අප සතුය.

රාජ්‍ය බුද්ධි සේවාවටත් (එස්අයිඑස්) හොරෙන් පසුගියදා යුද හමුදා බුද්ධි අංශයේ සහ නාවික හමුදා බුද්ධි අංශයේ සීමිත නිලධාරීන් පිරිසක් සමග ගෝඨා විසින් කරන ලද සාකච්ඡාවකදී ගෝඨා ප්‍රකාශ කර ඇත්තේ ‘දැන් බුද්ධාගමේ පැත්ත ඉවරයි. මුස්ලිම් පැත්තෙන් පටන් ගත යුතුයි’ යන්නයි. ඉන් අදහස් කෙරී ඇත්තේ බොදු බල සේනා වැනි බුද්ධාගමේ අන්තවාදීන් ගොඩ නගා අහවර බවයි. බොදු බල සේනාවේ ගෝඨාගේ පිරිස පවසන්නේ බොදුබල සේනාවේ මරාගෙන මැරෙන පිරිස් පවා සිටින බවයි. සැලසුම අනුව මුස්ලිම් පාර්ශවයෙන් ද බොදු බල සේනා වැනි සමාන දැඩි ප්‍රචන්ඩත්වයක් නිර්මාණය නොවූ බැවින් ගැටුමක් ආරම්භ කිරීමට නොහැකි වී ඇත. ඒ නිසා යුද හමුදා බුද්ධි අංශයට උඩින් පාත් කළ අධ්‍යක්ෂ මිනීමරු සලේ ලවා කරන්නට යන්නේ මුස්ලිම් පාර්ශවයේ ප්‍රචන්ඩත්වය නිර්මාණය කිරීමයි.

දැන ගන්නට ඇති පරිදි මුස්ලිම් වෙසින් බෞද්ධයන්ට ප්‍රහාරයක් සිදුකොට දැනට නලියමින් තිඛෙන ජාතිවාදය අසුරු සැනින් ඇවිලීමේ සූදානමක් ඇත. ඒ සඳහා කැලේ නහන්න කැලේ ගහක් න්‍යායෙන් සුරේෂ් සලේ බුද්ධි අංශ අධ්‍යක්ෂ ලෙස පත් කර තිබේ. හෙන්දාගේ කීමට තමාගේම සහෝදර බුද්ධි නිලධාරීන් ඝාතනය කළ සලේලාට මේවා ටොයිස් වැඩ ය.

අනතුරට පෙර කුමන්ත්‍රණ හෙළි කිරීමෙන් අනතුරු අවම කර ගත හැකි නිසා ලංකා ඊ නිව්ස් මෙම තොරතුරු හෙලි කර සිටින්නෙමු

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close