Breaking News
Home / Gossip / මෛත්‍රී කඩුව අමෝරද්දී රුවන් පලිහ අල්ලා හොරු සඟවයි.

මෛත්‍රී කඩුව අමෝරද්දී රුවන් පලිහ අල්ලා හොරු සඟවයි.

රටේ ආරක්ෂක ඇමැතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගෝඨාභය රාජපක්ෂලාගේ වනචර දශකයේ දී ආරක්ෂක අමාත්‍යාංශයේ කෝටි ගණනක දූෂන වලට සම්බන්ධ අය ගැන ජනාධිපති විශේෂ පරීක්ෂණ කොමිසම මගින් පරීක්ෂන කරද්දී එකී දූෂන වලට සම්බන්ධ පතාක ඩීල් කාරයෙක් නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිවරයා තමාගේ සම්බන්ධීකරණ ලේකම් ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේම පදිංචි කරවා ඇතැයි  වාර්තා වේ.
 
මෙම පුද්ගලයා නම් නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිවරයාගේ සම්බන්ධීකරන ලේකම් වරයෙක් වන චමින්ද පෙරේරා නමැති ඩීල් කාරයා ය. 

චමින්ද පෙරේරා විසින් ගෝඨාභය ආරක්ෂක ලේකම් ධූර දැරූ අවධියේදී කල් ඉකුත් වීමට දින ආසන්න බව දැන දැනම ඩයිනමයිට් ටොන් 100 ක් ගෙන්වා ශ්‍රී ලංකාවේ රජයට කෝටි 2 යි ලක්ෂ 12 ක ට අධික අලාභයක් සිදුකරමින් ඔහු අයුතු ලාභයක් ලබාගෙන තිබේ. මීට නීති විරෝධී අවසරය දී ඇත්තේ එවක අතිරේක ආරක්ෂ ලේකම් ධූරය දැරූ දැනට ඕස්ට්‍රේලියාවට පැන ගොස් සිටින දමයන්ති ජයරත්න නමැත්තිය විසිනි. 

මීට අමතරව මොහු විසින් පුද්ලයන්ට ගිනි අවි බලපත්‍ර ලබා දීමට එක් ගිනි අවියකට රුපියල් දස ලක්ෂය බැගින් අල්ලස් ලබා ගෙන ඇතැයිද වාර්තා වේ. 

මේ දූෂණ සම්බන්ධයෙන් ජනාධිපති විශේෂ පරීක්ෂන කොමිෂන් සභාවේ ලේකම් එච්.ඩබ්. ගුණදාස මහතා විසින් පසුගිය මාර්තු 2 වනදා පරීක්ෂන ආරම්භ කරමින් හිටපු අතිරේක ලේකම්වරියට ලිපි යවා ඇත. ( එම ලිපිය පහතින් දැක්වේ) 

එසේ තිබියදී නියෝජ්‍ය ආරක්ෂක ඇමැති රුවන් විජේවර්ධන විසින් චමින්ද පෙරේරා නමැති ගෝඨාභය රාජපක්ෂලාගේ ඩීල්කාර තක්කඩියා තම සම්බන්ධීකරණ ලේකම් ධූරයේ තබා ගත්තාටත් වඩා බරපතල සදාචාරාත්මක වරද සිදුකර ඇත්තේ රජයේ සාමාන්‍ය ක්‍රමවේදය අනුව නිලධාරියෙකුට එරෙහිව පරීක්ෂණ ආරම්භ කරද්දී ඔහුගේ වැඩ තහනම් නොකර තවදුරටත් තම සට්ටැඹියාව රාජකාරියේ තබා ගැනීමෙනි. 

කොළඹ ව්‍යාපාරික ප්‍රජාව පවසන අන්දමට ශ්‍රී ලංකා රාජ්‍යයට කෝටි ගණනක් පාඩු සිදුකළ මෙම ඩීල්කාරයා රුවන් විජේවර්ධන හරහා යලිත් ආරක්ෂක අමාත්‍යාංශයට රිංගවා ඇත්තේ ප්‍රකට ව්‍යාපාරිකයෙකුගේ කුමන්ත්‍රණයක් අනුවය. එකී ප්‍රකට ව්‍යාපාරිකයාගේ අනියම් බිරිඳට රුවන් විජේවර්ධන වහ වැටී ඇතැයිද ඇය විසින් ඩීල්කරුවා රුවන්ගේ සම්බන්ධීකරන ලේකම් වරයෙක් බවට පත් කරන ලදැයිද කොළඹ ව්‍යාපාරික ප්‍රජාව පවසති.

කෙසේ වෙතත් අනාගතයේදී එජාපයේ නායකත්වය බාර ගැනීමට රුවන් විජේවර්ධන ලක ලැහැස්ති වන්නේ නම් මෙවැනි ගොන් කම් නොකර සිටිය යුතුය. 

DefenceMinistry_Letter_about_Chaminda

 

DefenceMinistry_Letter_about_Chaminda2

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close