Breaking News
Home / Gossip / මෙවර වී ගබඩා කරන්න කඩදාසි කම්හලත්

මෙවර වී ගබඩා කරන්න කඩදාසි කම්හලත්

2015 – 2016 මහකන්නයේ වගා කරන ලද වී මිලදී ගැනීම සඳහා අතිරේක ගබඩා පහසුකම් ලබා ගැනීම පිළිබඳව වී අලෙවි මණ්ඩලයේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව ඇඹිලිපිටිය කඩදාසි කර්මාන්තශාලාව මිරිජ්ජවිල කර්මාන්ත කලාපය සහ සූරියවැව මහවැලි අධිකාරියට අයත් ගොඩනැගිලි කිහිපයක් මෙලෙස වී ගබඩා කිරීම සඳහා තෝරාගෙන ඇති බව සදහන්.

යල කන්නයේ වගා කරන ලද වී ගබඩා කිරීම සඳහා මත්තල ගුවන් තොටුපළේ ගොඩනැගිල්ලක් යොදා ගැනීම සම්බන්ධයෙන් ද පසුගිය දා කතාබහට ලක්වුණා. වී අලෙවි මණ්ඩලය සදහන් කළේ පසුගිය කන්නයේ වී මෙටි‍්‍රක් ටොන් 7800කට වැඩි ප්‍රමාණයක් සහල් බවට පත් කොට රජයේ ආහාර ගබඩාවලට යවා ඇති බවයි.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close