Breaking News
Home / Gossip / මුම්බායි ඉන්දියන්ස් බලධාරීන් මාලිංග ගැන සෑහීමකට පත් නොවෙයි

මුම්බායි ඉන්දියන්ස් බලධාරීන් මාලිංග ගැන සෑහීමකට පත් නොවෙයි

සුපිරි වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග එක්වී ඇතත් ඔහු ඉන්දීය ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියට ක‍්‍රීඩා කිරීම තවමත් සිදු ව නැහැ.

 

ඔහුගේ අබාධ තත්වය සම්බන්ධයෙන් මුම්බායි ඉන්දියන්ස් බලධාරීන් මෙතෙක් සෑහීමකට පත් නොවීම මෙම තත්ත්වයට හේතු වී තිබෙනවා. 

 

මාලිංග මුම්බායි පිළ සමග එක්වී ඇත්තේ ඉකුත් සිකුරාදා පස්වරුවේ සිටයි. එහෙත් ඔහු තරගවලට එක් කිරීම මුම්බායි ඉන්දියන්ස් බලධාරීන් විසින් තවදුරටත් ප‍්‍රමාද කර තිබෙනවා. කණ්ඩායමේ පුහුණුකරු රිකී පොන්ටින් පවසා ඇත්තේ තරගාවලියේ පළමු තරග කිහිපය මාලිංගට අහිමි වුුවද ඉතිරි තරගවලට ඔහුට ක‍්‍රීඩා කිරීමට හැකිවනු ඇති බවයි. 

 

පාදයේ අබාධ තත්වය හේතුවෙන් මාලිංග ඉකුත් ආසියානු කුසලාන ක‍්‍රිකට් තරගාවලියේදී ශ‍්‍රී ලංකා පිළ නියෝජනය කළේ එක් තරගයකට පමණයි. ලෝක කුසලාන පන්දුවාර විස්ස තරගාවලියද ඔහුට අහිමි වීමට බලපෑවේද මෙම පාදයේ අබාධයයි. 

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close