Breaking News
Home / Gossip / මුදල් නොදී දහසක පිරිසක් දුම්රියෙන් ගෙන ගිය එ.ජා.ප මන්ත්‍රී

මුදල් නොදී දහසක පිරිසක් දුම්රියෙන් ගෙන ගිය එ.ජා.ප මන්ත්‍රී

පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍ය කාවින්ද්‍ය ජයවර්ධන මහතා කිසිඳු මුදල් ගෙවීමකින් තොරව දුම්රියකින් මගීන් දහසක් ප‍්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පවත්වන්නැයි සමස්ත ලංකා දුම්රිය සේවකයන්ගේ පොදු සේවක සංගමය ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ, ප‍්‍රවාහන අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින්. පෙබරවාරි මස පළමු දින හා දෙවන දින දෙකේදි ජා ඇල සහ මඩු අතර මැදිරි 11 කින් සමන්විත දුම්රියකින් මෙම පිරිස ප‍්‍රවාහනය කර ඇති බවයි එම සංගමය පවසන්නේ.

ඒ සදහා රුපියල් එකලොස් ලක්‍ෂයකට අධික මුදලක් අයවිය යුතු වුවත් මේ දක්වා කිසිදු මුදලක් ගෙවා නොමැති බව ප‍්‍රවාහන අමාත්‍යවරයා වෙත එම සංගමය යොමුකළ ලිපියේ දැක්වෙනවා.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close