Breaking News
Home / Health / මිනිත්තු 10 කින් පිළිකාවක් හදුනා ගතහැකි අති නවීනතම පරීක්ෂණය මෙන්න

මිනිත්තු 10 කින් පිළිකාවක් හදුනා ගතහැකි අති නවීනතම පරීක්ෂණය මෙන්න

ඇමරිකාවේ ලොස්ඇන්ජලිස්හි කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් විසින් මෙම අපුර්වතම වෛද්‍ය ක්‍රමය සොයා ගෙන ඇත’ මෙහිදී ඔවුන් යොදා ගනු ලබනුයේ පුද්ගලයෙකුගේ කෙළ ය’ මේ වන විටත් චීනයේදී පරීක්ෂණ පවත්වමින් සිටින අතර මෙම පර්යේෂණ කණ්ඩායම මෙම දශකයේ අග භාගය වන විට යුරෝපය දක්වා මෙය ගෙන යාමට අදහස් කරනු ලබයි’ ඇත්තටම මෙය සාර්ථක වුවහොත් තවදුරටත් පිලිකා ඇති බව සෙවීමට රුධිර පරීක්ෂණ කලයුතු නැත’ මෙමගින් රුධිර පරීක්ෂණ සිදුකිරීම ප්‍රතිස්ථාපනය කරනවා මෙන්ම කාලයද ඉතිරි කරනවා’ එනම් සාමාන්‍යයෙන් පිළිකාවක් ඇතිබව තහවුරු කරන රුධිර පරීක්ෂණයක ප්‍රතිපල ලැබීමට අවම වශයෙන් සති දෙකක පමණ කාලයක් ගත වෙයි’ නමුත් මොවුන් පවසන පරිදි මෙම නවතම පරීක්ෂණය මගින් විනාඩි 10 ක් වැනි කෙටි කාලයක් තුල ප්‍රතිපල ලබා ගත හැකි බවයි’ එමගින් පිළිකා රෝගයේ මුලික අවදියේදීම එය හදුනාගෙන ඊට ප්‍රතිකාර කල හැකි වේ’

 

ඇමරිකානු සම්මේලනයේ විද්යාවේ අභිවර්දන සැසි වාරයේ වාර්ෂික සමිතියට මෙම නව පර්යේෂණය ඉදිරිපත් කරන ලදී’ එහිදී මේ පිළිබද කරුණු කාරණා ඉදිරිපත්කර ඇති අතර ප්‍රොෆෙසර් ඩේවිඩ් වොන්ග් නමැති මහාචාර්යවරයා පවසා ඇත්තේ පිලිකා රෝගී තත්වයකදී එය කලින් හදුනාගැනීම ඉතා වැදගත් බවය’ එමෙන්ම ඕනම වෙලාවක වුවද කිසියම් පුද්ගලයෙකුට මරණ තර්ජනාත්මක පිළිකාවක් ඇති බව හදුනා ගැනීමද ඉතා වැදගත් බවය’

 

මෙම පර්යේෂණය ලික්විඩ් බයොප්සි නම් පදනම යටතේ ගොඩ නැගුනු විද්‍යාත්මක ක්‍රමවේදයකි’ එනම් දේහ තරල භාවිතාකර රෝග නිරීක්ෂණය කිරීමයි’ මෙම නවතම පරීක්ෂණය පර්යේෂකයින් විසින් පිලිකා රෝගීන්ගේ කෙල විශ්ලේෂණය කර එම කෙල තුල පිළිකා සෙලෙ වල පවතින RNA පවතින බව සොයා ගත් පසු වැඩි දියුණු කරන ලද්දකි’ RNA යනු ජීවීන්ගේ දේහ තුල DNA සම්ප්‍රේෂණය සදහා යොදා ගන්නකි’ එබැවින් RNA තුලද DNA වල මෙන් දේහයේ ක්‍රියාකාරිත්වයට අදාළ ප්‍රෝටීන නිපදවීම සදහා අවශ්‍ය කේත පවතී’ පිලිකා ෙසෙල වලින් කරනු ලබන්නේ වෙනම කෘත්‍යක් බැවින් එහි පවතින DNA වල නිපදවන ප්‍රෝටීන හාත්පසින්ම වෙනස්ය’ එම නිසා එම RNA වල ඊට අදාළ කේත ද වෙනස්ය’ එම නිසා ඊට අදාල RNA වල කේතද වෙනස්වන බව ඔබට පහසුවෙන් තේරුම් ගත හැකිය’ එබැවින් කෙල තුල පවතින මෙම RNA විශ්ලේෂණය මගින් දේහයේ පිලිකා පවතීද නැද්ද යන්න හදුනා ගත හැකිය’

මහාචාර්ය වොන්ග් පවසන පරිදි මේ වන විට පෙනහළු පිලිකා රෝගීන් සම්බන්ධයෙන් ලබාදුන් ප්‍රතිපල ඉතා සාර්ථක බවයි’ මෙහි එන තවත් වැදගත්කම වනුයේ මේ සදහා වය වනුයේ ඩොලර් 22 ක් වැනි මුදලක් සහ එය ඔබට ඖෂධාගාරයකින්” දොස්තර කෙනෙකුගෙන් හෝ ඔබට නිවස තුල සිටියදීම වුවත් කරගත හැකි වීමයි’ වොන්ග් පවසන පරිදි මෙහි ප්‍රතිපල ඇති සාර්ථක වුවහොත් ඔබට නිවාස තුලදීම විවිධාකාරයේ පිලකා තත්ව එකවර එක් පරීක්ෂයනයකින් දැනගත හැකි බවයි’

මෙහි ඇති තවත් වටිනාකමක් වනුයේ අග්න්‍යාශයේ පවතින පිලිකා කල් වෙලා ඇතිව හදුනා ගැනීමට මේ වනතුරුත් කිසිදු පරීක්ෂණයක් නැති අතර මෙම නවතම පරික්ෂණය වඩාත් පුලුල්ව භාවිතය තුලින් ඊටද විසදුමක් දීමට හැකි වන බවයි’

About Tech Lanka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close