Breaking News
Home / Gossip / මැරුනා කියු උදයංග තායිලන්තයෙන් මතු වු හැටි

මැරුනා කියු උදයංග තායිලන්තයෙන් මතු වු හැටි

රුසියාවේ තානාපතිව සිටියදි අවිජාවාරම්වල යෙදුණු බවට චෝදනා එල්ලවීම මත වහාම නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ශ්‍රී ලංකා රජය දැනුම් දීමත් සමග අතරුදහන්වූ උදයංග වීරතුංග හදිසියේම තායිලනත්යෙන් මතුව තිබේ. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටියදී ලබා දුන් ආධාර මත ඉදිකළ බෞද්ධ විහාරයක් විවෘත කිරීම සඳහා තායිලන්තයට ගොස් සිටි අතර එම අවස්ථාවට උදයංග වීරතුංගවද සහභාගීකරවා ගැනීමට මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කර ඇත.

උදයංග වීරතුංගට එරෙහිය මේ වනවිට මීනීමැරීමේ චෝදනාවක්ද එල්ල වී ඇති අතර ඊට අදාළ නඩුවක්ද මේ වනවිට මෙරට ක්‍රියාත්මක වෙමින් පවතී. උදයංග වීරතුංග සමග සමීප ඇසුරක් පවත්වමින් රුසියානු තානාපති කාර්යාලයේ සේවය කරමින් සිටියදී හදිසියේම මිය ගිය නිට්ටඹුවේ නොයෙල් රණවීර නමැත්තාගේ මරණයට අදාළව එසේ ඔහුට චෝදනා එල්ල වී තිබේ.

ඔහුගේ මරණයට අදාළ මරණ සහතිකය පවා ව්‍යාජ ලෙස සකසා ඇති බවට මේ වනවිට තහවුරු වී ඇත. ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ අපකීර්තියට පත් කරමින් යුක්රේන කැරලිකරුවන්ට අවි විකිණූ බවට යුක්රේන රජය විසින් උදයංග වීරතුංගට චෝදනා එල්ල කර ඇති අතර ඊට අදාළ පරීක්ෂණ සඳහා මේ වනවිට ඔහුට ශ්‍රී ලංකා රජයට අවශ්‍ය ඇති අයෙකු වන අතර හිටපු ජනාධිපතිවරයා එවන් පුද්ගලයෙකු මෙසේ හමු වීම සම්බන්ධයෙන්ද මෙරට රජය වහාම කටයුතු කළ යුතුව ඇත.

ඇවන්ගාඩ් සමාගමේ නීතිවිරෝධි අවි ප්‍රවාහනයටද උදයංග වීරතුංග සම්බන්ධබවටද චෝදනා එල්ල වී තිබේ. 

රාජපක්ෂ පාලනසමයේදී තම ඥාතීන් මෙරට ඉහළ තනතුරුවලට හා තානාපති තනතුරුවලටද යෙදවූ බවට දැඩි ලෙස චෝදනා එල්ල වූ අතර උදයංග වීරතුංගද මහින්ද රාජපක්ෂගේ ඥාති සෙහොයුරෙකි.

මහින්ද රාජපක්ෂගේ මෙම තායිලන්ත සංචාරය සඳහා ජී.එල්. පීරිසි, උපාලි කොඩිකාර ඇතුළු පිරිසක්ද සහභාගී වී සිටියහ.

 

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close