Breaking News
Home / Gossip / මැදවච්චියේ ලොකුවිතාන පැනමා පිටු අතරින් මතුවෙයි…

මැදවච්චියේ ලොකුවිතාන පැනමා පිටු අතරින් මතුවෙයි…

පැනමා පේපර්ස් හි සදහන්වන ලංකාවේ වැදගත්ම නම නන්දන ජයදේව ලොකුවිතාන බව මාගේ හැගීමයි. ලංකාවේ හද්දා පිටිසර ගමක ඉපදී, මැදපෙරදිග රැකියාවක් සදහා ගොස් සතෙන් සතේ ඉතිරි කොට අවසානයේ ඩුබායි මැරියට් හෝටලය මිලදී ගැනීමට සමත් වූ නන්දන ජයදේව ලොකුවිතාන ගේ නම පැනමා පේපර්ස් හි සදහන් වන්නේ ‘සීසෙල්ෂ්‘ හි ලියාපදිංචිය යටතේ සිදුකළ ඩුඩායි සමගමක ලියාපදිංචියක් ලෙසිනි. 2005-2010 සමයේ ලංකාවේ බිහිවූ අසිරිමත්ම ආයෝජකයා ලෙස සැලකිය හැකි ලොකුහේවා ලංකාවේ ඉදිකිරීම්, වානේ කර්මාන්ත ආයෝජනය කළේය. ඩුබායි මැරියට් හෝටලය මිලදී ගත්තේය. රාජපක්ෂ රජය සමයේ ශ්‍රී ලංකාව විසින් ලංකා බැංකුවේ ශාඛාවක් ආරම්භ කරමින් ව්‍යාපාරික සබදතා වැඩිදියුණු කර ගැනීමට කටයුතු කළ ‘සීසෙල්ෂ්‘ භුමියේ ලොකුවිතානගේ ව්‍යාපාර පැවතීම අහම්බයක් විය හැකිද?
මිහින් ලංකා තමන්ගේ ප්‍රියතම ගුවන්සේවය යැයි නිතරම කියන්නෙකි, කථා නායක ලොකුහේවා! NILONA FASHIONS LTD. – Villa #13; Al Goaz; P.O.Box 8416; sharjah; UAE ලිපිනය යටතේ ව්‍යාපාර කටයුතු සිදු කොට ඇති නන්දන ජයදේව ලොකුවිතාන ට ‘පැනමා පේපර්ස්‘ ගැන කියන්නට ඇති දේ අසන්නට ලංකාවේ ද, ලෝකයේ බොහෝ දෙනා කැමැති විය හැකිය. මැදවච්චියේ ඉපැදී ලෝකය දිනූ ලොකු විතාන ගැන පුවත්පත් විශේෂාංගයක් දැන් වත් ලියන්නට ලංකාවේ ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ට දැන් නම් හොදම කාලයයි.

Copied By-Hari Gossip

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close