Breaking News
Home / Gossip / මැදමූලන මරාට මළ පනී: ‘තොට කරන දේ බලාගනිං..!‘ දුරකථනයෙන් මරණ තර්ජන කරයි

මැදමූලන මරාට මළ පනී: ‘තොට කරන දේ බලාගනිං..!‘ දුරකථනයෙන් මරණ තර්ජන කරයි

 බලයෙන් විසි වී ගියද තම මෘග දේශපාලනය මේ යැයි පෙන්වමින් ජනාධිපති මෛත්‍රීට සහාය පළ කරමින් දැන්වීමක් පළ කළ කම්කරු පක්ෂයේ නායක ඒ.එස්.පී ලියනගේ මහතාට මැදමූලන මෘග චෞර මහින්ද රාජපක්ෂ විසින් මරණීය තර්ජන එල්ල කර තිබේ.
 
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ලේ දී පැවැත්වෙන මැයි දින රැලියට සුබ පතා  ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ නායකයා ලෙස ඒ.එස්.පී ලියනගේ මහතා අද දිනපතා පුවත් පතක සම්පූර්ණ පිටුවක ප්‍රමාණයේ දැන්වීමක් පළ කර තිබිණ. (එම දැන්වීම මෙහි දැක්වේ) 

වැඩ කරනා මිනිසුන්ගේ – මැයි දිනයක් සමරන්නට
මෛත්‍රී ජනපතිත් එක්ක – ගාලු පුරට එකතු වන්න
යහපාලන බලය එක්ක – බිය සැක නැති රටක් දුන්න
ලොව දිනු ජනපතිත් එක්ක – රට නැගුමට එකතු වන්න

“ මහජන මුදල් හොරා කාලා රජ වෙනවාට වඩා ජනතාවට සේවය කරල සැබෑ ජන නායකයෙකු ලෙස මිය යෑම මට ගෞරවයක්“ -ජනපති මෛත්‍රීපාල සිරිසේන

ආදී වචන වලින් සමන්විත මෙම දැන්වීම දුටු මැදමූලනේ මහින්ද රාජපක්ෂ තායිලන්තයේ සිට අද සවස ඒ.එස්.පී ලියනගේ මහතා දුරකථනයෙන් අමතමින් අම්මා මෝ නැතිව බැන වැදී තර්ජනය කර තිබේ. 

“ තොට මං කොච්චර උදව් කරලා තියෙනවාද? මං තෝව තානාපති කෙනෙකුත් කළා. තෝ මට මෙහෙමද සලකන්නේ.. තෝ දන්නෙ නෑ මං කව්ද කියලා.. මං තොට කරන දේ බලා ගනිං..“ යනුවෙන් ඉතාමත් පහත් ආකාරයෙන් බැන වැදී තර්ජනය කර ඇති අතර කියන ලද කුණු හරුප මෙහි සඳහන් කළ නොහැක. 

ඉන් පසුව මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක යැයි හඳුන්වා ගන්නා පසුගියදා රිමාන්ඩ් බන්ධනාගාරයෙන් ඇප මත නිදහස ලබා සිටින රොහාන් වැලිවිට නමැත්තාද ඒ.එස්.පී ලියනගේ මහතා අමතා බැන වැදී තර්ජනය කර ඇත.

මෙම තර්ජන හේතුවෙන් ලියනගේ මහතා බියට පත්වී ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් අමතා තමාට ආරක්ෂාව ලබා දෙන්නැයි පිං සෙන්ඩු වෙමින් සිටී.

ඒ.එස්.පී. ලියනගේ යනු ඇමරිකාවේ බැරක් ඔබාමාට ද සුබ පතමින් ලංකාවේ පුවත් පත් වල දැන්වීම් පළ කරන වර්ගයේ පුද්ගලයෙකි

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close