Breaking News
Home / Gossip / මැතිව්ස් ලංකාව ගැන දැන් කියන දේ

මැතිව්ස් ලංකාව ගැන දැන් කියන දේ

අවසන් පූර්ව තරග අවස්‌ථාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවට තිබෙන තීරණාත්මක තරග දෙකම දිල්ලි හි පිහිටි ෆෙරෝසා ෂා කොට්‌ලා ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර එහි පළමු තරගය ලබන 26 වැනිදා එංගලන්තය සමගත් දෙවැනි තරගය 28 වැනිදා දකුණු අප්‍රිකාව සමගත් පැවැත්වේ. ෆෙරෝසා ෂා කොට්‌ලා ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා පිල සහභාගි වන පළමු පුහුණු සැසිය 25 දා පස්‌වරුවේදී පැවැත්වේ.

කොදෙව් තරගය පරාජයට පත්වුවත් ශ්‍රී ලංකා පිල ඉදිරි තරග දෙක ජය ගනිමින් අවසන් පූර්ව තරග අවස්‌ථාව උදාකර ගැනීම සඳහා දැඩි උද්යෝගයකින් සිටින බව ශ්‍රී ලංකා කණ්‌ඩායම් කළමනාකරු පවසයි. ශ්‍රී ලංකා පිලේ පන්දුවට පහරදීම සහ පන්දු රැකීම කෙරෙහි වැඩි උනන්දුවක්‌ යොමු කළ යුතු බව ඇන්ජලෝ මැතිව්ස්‌ කළ විමසීමකදී පැවසීය

”අපි තවම අවසන් පූර්ව තරග අවස්‌ථාව උදාකර ගැනීම සඳහා දැඩි කැපවීමකින් කටයුතු කරමින් ඉන්නවා. අපේ පන්දු යෑවීම කොදෙව් තරගයේදී හොඳ වුණත් පන්දු රැකීම සහ පන්දුවට පහරදීම හොඳ තැනක නැහැ. පුහුණුවීම්වලදී ඒ වෙනුවෙන් අපි වැඩි අවධානයක්‌ යොමු කරනවා”

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close