Breaking News
Home / Gossip / මහ බැංකු අධිපති ගෙදර යන්න ළගයි

මහ බැංකු අධිපති ගෙදර යන්න ළගයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ලක්‍ෂ්මන් අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ මහ බැංකු අධිපති ධුර කාලය ලබන ජුනි මාසයෙන් අවසන් වේ.

ඒ අනුව ජුනි මස අගදී මහ බැංකු අධිපති ධුරයට අලුත් අයෙකු පත්කිරීමට හෝ වත්මන් මහබැංකු අධිපතිවරයාම පත්කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අවස්‌ථාව ලැබේ.

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පසුගිය ජනාධිපතිවරණයෙන් (2015 ජනවාරි 08 දින පැවැති) පසු මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය වීමෙන් පසු ඊට පසු දිනම එනම් 2015 ජනවාරි 09 දිනම, ඉල්ලා අස්‌විය. නව ජනාධිපතිවරයාට නව මහ බැංකු අධිපතිවරයකු පත්කර ගැනීමට ඉඩදීම සඳහා කබ්රාල් මහතා ඉල්ලා අස්‌වීමෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා ලක්‍ෂ්මන් අර්ජුන මහේන්ද්‍රන් මහතාව මහ බැංකු අධිපති ධුරයට පත් කරන ලදී.

මහ බැංකු අධිපතිවරයාගේ ධුර කාලය වසර 6 ක්‌ වන අතර ගිය වසරේ (2015) ජනවාරි 08 දින ජනාධිපතිවරණය පත්වන අවස්‌ථාව වනවිට අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඔහුගේ එම ධුර කාලයෙන් වසර හතරහමාරක කාලයක්‌ සම්පූර්ණ කර තිබිණි. ඒ අනුව මහේන්ද්‍රන් මහතාව පත්කරනු ලැබුවේ කබ්රාල් මහතාගේ ධුර කාලයේ ඉතිරිකාලය සඳහාය.

අර්ජුන මහේන්ද්‍රන් මහතා අධිපතිවරයා වීමෙන් පසු ලංකා ඉතිහාසයේ විශාලතම මූල්‍ය වංචාව ලෙස සැලකෙන බැඳුම්කර වංචාවක්‌ සිදුවූ බවට මහ බැංකුවට චෝදනා එල්ල වූ අතර එම සිද්ධිය රට තුළ ඉමහත් ආන්දෝලනයට ද තුඩු දුන්නේය.

එම පීඩනය හමුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද වරෙක ප්‍රකාශ කළේ මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ඉල්ලා අස්‌වීම වඩාත්ම සුදුසු දෙය බවයි. දැන් දෙවැනි වරටත් පසුගිය මාර්තු 29 දින බැඳුම්කර වංචාවක්‌ සිදුව ඇති බවට මහ බැංකුවට චෝදනා එල්ල වී තිබේ.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close