Breaking News
Home / Gossip / මහ බැංකු අධිපති ඉවත් කරන්න බැහැ – රනිල්

මහ බැංකු අධිපති ඉවත් කරන්න බැහැ – රනිල්

මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව ඇති චෝදනා ඔප්පු වී නැති අවස්ථාවක ඔහු එම තනතුරෙන් ඉවත් කළ නොහැකි බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

නව මහ බැංකු අධිපතිවරයෙක් පත් කිරීම සම්බන්ධයෙන් යම් මතභේදකාරී තත්වයක් ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර තිබෙන බවට වාර්තා පළවෙමින් තිබෙන අවස්ථාවේදීයි අගමැතිවරයා මෙම ප්‍රකාශය සිදු කළේ.

වත්මන් මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ සේවා කාලය අදින් (30) අවසන් වීමට නියමිතයි.

“ඉස්සෙලම චෝදනා ගැන හොයන්න ප්‍රධාන නීතීඥවරුන් තුන් දෙනකුගේ කමිටුවක් දැම්මා, ඒ කමිටුව වැරදිකාරයා කියල කිව්වා නම් පියවර ගන්නවා, වැරදි කාරයා වුනේ නැහැ. ඒක අපි දැම්මා පොලිසියට. පොලිසිය කිව්වා නඩු දාන්න දෙයක් නැහැ කියලා. ඊලගට උසාවියට ගියා මුලික අයතිවාසිකම් නඩුව ඒක අසාර්ථක වුනා, ඉතින් එහෙම තතවයකදී අපිට එයා ඉවත් කරන්න බැහැ. ඒත් අපි කිව්වා පාර්ලිමේන්තුවෙනුත් හොයලා බලන්න කියලා. දැන් පාර්ලිමේන්තුවේ ඒ වැඩ කටයුත්ත කෝප් සභාව අරම්භ කරලා තියෙනවා” අගමැතිවරයා පැවසීය.

අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ස්වාධීන රූපවාහිනි සේවයේ පූර්ණ අධි විශ්‍රැත මැදිරි සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයෙන් අනතුරුව, ස්වාධීන රූපවාහිනියත් සමඟ සාකච්ඡාවට එක් වෙමිනි.

තමන් කිසි විටකත් මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ආරක්‍ෂා නොකරන බවද අගමැති රනිල් වික්‍රමසිංහ පැවසීය.

‘අපි කවුරුත් ආරක්ෂා කළේ නැහැ’

‘දැන් එතුමා කියල තියෙනවා මාව නිදොස් කරන්න කියලා, නැත්නම් මේකේ වැඩක් නැහැ කියලා, ඉතින් අපි කවුරුත් ආරක්ෂා කළේ නැහැ, චෝදනා කළාට චෝදනා තාම ඔප්පු වෙලා නැහැ, ඔප්පු වෙනව නම් මම වැඩකටයුතු කරන්නම්’ ඔහු ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු කෝප් පරීක්ෂණයෙන් තමන් නිදහස් වන තුරු නැවත මහබැංකු අධිපතිධුරයට පත්වීමට අපේක්ෂා නොකරන බව මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මින් පෙර ප්‍රකාශ කර තිබුණි.

මේ අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඊයේ බදුල්ලේදී ‘තවත් පැය කිහිපයකින්’ නව මහබැංකු අධිපතිවරයෙක් පත්කරන බවට ප්‍රකාශ කර දිනකට වඩා ගතවී ඇතත් තවමත් එම තනතුරට කිසිවෙකුත් පත් කර නැත.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close