Breaking News
Home / Gossip / මහ කොමසාරිස්ට පහර දීමේ කොන්ත්‍රාත්තුව

මහ කොමසාරිස්ට පහර දීමේ කොන්ත්‍රාත්තුව

මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඊබ්‍රාහිම් අන්සාර්ට සහ දෙවැනියා මජින්ත ජයසිංහට දෙමළ කණ්ඩායමක් විසින් පහර දීම කොන්ත්‍රාත්තුවක් මත කරන ලද්දක්දැයි කරන ලද පරීක්ෂණ අනුව කොන්ත්‍රාත්තුවේ ශ්‍රී ලංකාවේ අතරමැදියා ලෙස ක්‍රියා කර ඇත්තේ රාජපක්ෂලාගේ අංක එකේ කුමන්ත්‍රණකරුවෙක් ලෙස ක්‍රියා කර ඇති නීතිඥවරයෙක් බව හෙලි වී තිබේ.

මෙම නීතිඥවරයා ත්‍රස්තවාදය සහ දේශපාලන ප්‍රචණ්ඩත්වය ගැන පර්යේෂණ කරන්නෙක් ලෙස හඳුන්වා ගනිමින් මෙහිදී සිදුකර ඇත්තේ දෙමළ අන්තවාදීන් සහ රාජපක්ෂලා අතර සම්බන්ධීකරණය කිරීමය. මොහු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද වන අතර ශිෂ්‍යත්වයක් මත විදෙස් අධ්‍යාපනය හදාරා ඇත. පසුව දෙමළ ව්‍යාපාරිකයෙකුට අයත් මාධ්‍ය ආයතනයකටද සම්බන්ධව සිට රාජපක්ෂ රෙජීමයේ ඔත්තු කරුවෙකු ලෙස එවක විපක්ෂය වූ එජාපයට සම්බන්ධ වී එජාපයේ මහ ලේකම්වරයා ජනාධිපතිවරණයේදී රාජපක්ෂලා වෙතට කරණම් ගැස්සවීමටද අතරමැදියා ලෙස දායක වී තිබේ. 

රාජපක්ෂලා මීට පෙරද දෙමළ ඩයස්පෝරාවේ විරෝධතා තම ජාතිවාදී දේශපාලන පැවැත්ම සඳහා භාවිතා කළහ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටියදී එංගලන්තයේ පැවැති එල්ටීටීඊ හිතවාදී විරෝධතා වලට වියදම් කෙළේද රාජපක්ෂලා වෙනුවෙන් ද කෝටි ගණනින් වියදම් කරන ලද ප්‍රකට දුරකථන ජාලයක හිමිකරුවෙකි. ඔහු එංගලන්තය සහ ඉන්දියාවද ලංකාවද ප්‍රධානව ආසියානු කලාපය පදනම් කරගෙන ජාත්‍යන්තර දුරකථන ජාලයක් පවත්වාගෙන දෙමළ ජාතික දැවැන්ත ව්‍යාපාරිකයෙකි. 

මැලේසියානු අන්තවාදීන්ගේ කොන්ත්‍රාත්තුව සඳහා මුදල් ගෙවූ අය පිලිබඳ පරීක්ෂණ පැවැත්වෙන අතර ඒ පිලිබඳ මෙතෙක් නිවැරදි තොරතුරු ලංකා ඊ නිව්ස් වෙත ලැබී නැත. නමුත් අත් අඩංගුවේ පසුවන සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් සහ ඔවුන්ගේ සන්නිවේදන ගැන සොයා බැලීමේදී ශ්‍රී ලංකාවේ අතරමැදියා ලෙස කටයුතු කර ඇත්තේ ඉහත කී නීතිඥයා බව මේ වන විට හෙලිදරව් වී තිබේ. 

ශ්‍රීලනිපයේ 65 වෙනි සමුළුව සාර්ථක වන බව හොඳින් දැන ගෙන ඉන් රාජපක්ෂලාට ඇති වන අවාසිය මග හැරවීම සඳහා දෙමළ අන්තවාදීන් ගේ විරෝධතාවයක් අවුලුවා ඉන් වාසියක් ලබා ගැනීමේ සියළු සැලසුම් සකස් කිරීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මැලේසියාව බලා ගොස් ඇතැයි සැක කෙරේ. 

මෙහිදී වඩාත්ම සැකයට භාජනය වන කාරණාව නම් මැලේසියාවේ පැවැතියේ දේශපාලන පක්ෂ නියෝජිතයන්ගේ සමුළුවක් වන අතර මහින්ද රාජපක්ෂ එහි නියෝජනය කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොවීමයි. ඔහු එහි සහභාගී වී ඇත්තේ දිනේෂ් ගුණවර්ධනගේ මහජන එක්සත් පෙරමුණේ සාමාජිකයෙක් ලෙසය. මහින්ද රාජපක්ෂ මඑපෙ සාමාජිකයෙක් කියා මැලේසියානු බලධාරීන්ට ඇඟෙව්වේ ඇයි?

රාජපක්ෂ ගැත්තෙකු වන ප්‍රහාරයට ලක්වූ අන්සාර් ගේ හැසිරීමද බරපතල ලෙස සැකයට තුඩු දෙන්නේ උදේ විරෝධතා කරුවන් ගුවන් තොටේ සිටිනු දැක දැකත්, දහවල් යලි ගුවන් තොට වෙත යෑමට සිදුවන බවද දැන දැනත්, ආරක්ෂාව ඉල්ලා මැලේසියානු ආරක්ෂක අංශ දැනුවත් නොකෙළේ මන්ද යන්නයි. සාමාන්‍යයෙන් ඕනෑම රාජ්‍ය නිලධාරියෙකු තමාගේ සහ තම පිරිසගේ ආරක්ෂාව වෙනුවෙන් ගන්නා මෙකී සරල ක්‍රියාමාර්ගය අන්සාර් නොගැනීමත් පසුව එහිදී විරෝධතාකරුවන් කෝප වන ආකාරයට හැසිරීමත් බරපතල සැකයට තුඩු දෙන ඒවා ලෙස පරීක්ෂකයන්ගේ සැලකිල්ලට භාජනය වී ඇත.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close