Breaking News
Home / Gossip / මහේල, ඇන්ජලෝ ගැන ලොකු දේවල් ගොඩක් ප්‍රසිද්ධියේ කියයි

මහේල, ඇන්ජලෝ ගැන ලොකු දේවල් ගොඩක් ප්‍රසිද්ධියේ කියයි

විස්සයි 20 කි‍්‍රකට් කී‍්‍රඩාවේ නිරත වෙමින් ලෝකය පුරා සංචාරය කරමින් සිටින මහේල ශී‍්‍ර ලංකා කණ්ඩායමේ වත්මන් එංගලන්ත සංචාරය දෙස ඇස ගසාගෙන සිටීනවා. ඒ එංගලන්ත කණ්ඩායමේ පිතිහරඹ උපදේශකවරයා ලෙසින්ද මාස කිහිපයක් කටයුතු කළ නිසා වෙන්න ඇති.

ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ වන විට තරමක පසුබෑමකට ලක්ව සිටින බව පිළිගන්නා නමුත් නැවතත් දස්කම් අතරට ඒමට ශී‍්‍ර ලංකා කණ්ඩායමට තිබෙන හැකියාව පිළිබඳ මහේල මහත් උද්යෝගයෙන් යුතුව “කි‍්‍රකට් 360” අදහස් දක්වුයේ මෙහෙමයි.

”ධම්මික ප‍්‍රසාද් හොඳ සුවෙන් සිටී නම්, සුරංග ලක්මාල් හොඳ සුවෙන් සිටී නම්, නුවන් ප‍්‍රදීප් සහ දුෂ්මන්ත චමීර එක්වුණාම අපට හොඳ වේග පන්දු යවන්නන් 4 දෙනෙක් ඉන්නවා. එංගලන්තයේදී තරග වදින කොට මේ වගේ කණ්ඩායමක් තමයි  ඕනෑ කරන්නේ”

”ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවේදී වඩාත් වැදගත් වන්නේ අත්දැකීම් තමයි. අපේ පිතිකරුවන් මේ වන විට ටෙස්ට් තරග 20 ක් 30 ක් කී‍්‍රඩා කරලා තියෙනවා. ඒක හොඳ තත්ත්වයක්”

”ඒක නිසා මේ තරගාවලිය අපේ කොල්ලන්ට හොඳ අභියෝගයක්”

”ඉදිරි වසර හතර පහ තුළම කණ්ඩායමේ කේන්ද්‍රීය චරිතය වෙන්නේ ඇන්ජලෝ මැතිව්ස් තමයි. අනෙක් පිතිකරුවන් ඔහුගේ දෙපැත්තේ ඉඳගෙන ඔහුට සහයෝගය දිය යුතුයි”

”ඔහුගේ ලකුණු රැස්කිරීම ඉතාමත් හොඳයි. ඒ නිසා ඔහුව තව තවත් පීඩනයට හසු නොකර, ඔහුට සහයෝගය දෙනවා නම්, මැතිව්ස්ගෙන් තවත් හෙඳ ප‍්‍රයෝජන ගත හැකියි”

”කණ්ඩායමේ හොඳම කී‍්‍රඩකයා නායකයා වුණාම, ප‍්‍රතිවාදීන් කරන්නේ නායකයා ඉලක්ක කරමින් ඔහුගේ දස්කම් අවම මට්ටමක පවත්වා ගැනීමට කි‍්‍රයා කිරීමයි. ඒක සමස්්ත කණ්ඩායමටම බලපානවා”

අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් විශ‍්‍රාම යාම නිසා සිය දියණිය වන ‘සන්සා’ සමග වැඩි කාලයක් ගතකිරීමට මහේලට අවස්ථාව ලැබී තිබේ. එහෙත් සන්සා නම් ඊට එතරම් කැමති නැතැයි මහේල කියන්නේ සිනාසෙමිනි.

”මම එයාට එක එක දේවල් කරන්න දෙන්නේ නැති නිසා එයා මාත් එක්ක තරහ වෙලා වගෙයි ඉන්නේ”

”කොහොම වුණත් පසුගිය වසරක නැත්නම් එක හමාරක විතර කාලය මම හරිම තෘප්තියෙන් ගත කළේ. ඇය (දියණිය  සන්සා) මාත් එක්ක හැම තැනම ගියා. ඒක අපට ඉතාමත් වටිනා කාලයක්”

”මා ඉන්දියාවේ ඉඳලා ආපුවාම මම පන්දුවට පහර දෙනකොට එයාට පන්දු රකින්න ඕනෑ කළා. එක අතකින් ඒක හොඳයි. හැමෝටම  ඕනෑ කරන්නේ පන්දුවට පහර දෙන්න නැත්නම් පන්දු යවන්නනේ. ඒත් මෙයාට  ඕනෑ පන්දු රකින්න”

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close