Breaking News
Home / Gossip / මහේලගේ ශතකය සැගිටේරියස්ට ජය ගෙනේ

මහේලගේ ශතකය සැගිටේරියස්ට ජය ගෙනේ

මහේල ජයවර්ධන ලබාගත් විශිෂ්ට ශතකය නිසා ලිබ්රා ලෙජන්ඞ්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ (4 වැනිදා) සාජාහිදී පැවැති ප‍්‍රවීනයන්ගේ විස්සයි20 කි‍්‍රකට් ලීගයේ 8 වැනි තරගයෙන් ලකුණු 63 ක පහසු ජයක් අත්කර ගැනීමට සැගිටේරියස් ස්ට‍්‍රයිකර්ස් කණ්ඩායම සමත් විය.

 කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් සැගිටේරියස් ස්ට‍්‍රයිකර්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු මහේල ජයවර්ධන එහිදී තරගාවලියේ පළමු ශතකය (124) වාර්තා කිරීමට සමත් විය. පන්දු 60 කදී වාර්තා වූ ඔහුගේ වේගවත් ඉනිමට හයේ පහර 9 ක් සහ හතරේ පහර 10 ක් අන්තර්ගත විය. නායක ඇඩම් ගිල්කි‍්‍රස්ට් (38) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 59 කදී ලකුණු 102 ක සම්බන්ධතාවක් ගොඩනැගූ මහේල, පසුව ඉම්රාන් ෆර්හත් (18) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 30 කදී ලකුණු 49 ක සම්බන්ධතාවක්ද, මයිකල් කාබෙරි (23) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 25 කදී ලකුණු 62 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් සැගිටේරියස් ස්ට‍්‍රයිකර්ස් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.

 පන්දු 28 කදී වාර්තා වූ ඇඩම් ගිල්කි‍්‍රස්ට්ගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් වූ අතර පන්දු 14 කදී වාර්තා වූ මයිකල් කාබෙරිගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහරක් ඇතුළත් විය. ජයග‍්‍රහණය සඳහා ලකුණු 228 ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය ලිබ්රා ලෙජන්ඞ්ස් කණ්ඩායමට නියමිත  ඕවර 20 අවසානයේ කඩුලූ 7 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 164 ක් පමණි. ලිබ්රා ලෙජන්ඞ්ස් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ ෂෝන් අර්වින් පන්දු 20 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 55 ක් රැස්කළේය. දක්ෂ පන්දු යැවීමක නිරත වූ ෂේන් බොන්ඞ්  ඕවර 3 ක් යවා ලකුණු 11 කට කඩුලූ 2 ක් දවාගත් අතර ඩැනියෙල් විටෝරි නිලකුණු  ඕවරයක්ද සමගින්  ඕවර 4 ක් යවා ලකුණු 32 කට කඩුලූ 2 ක් දවාගත්තේය.

සැගිටේරියස් ස්ට‍්‍රයිකර්ස් කණ්ඩායම –  ඕවර 20 කදී කඩුලූ 3 ක් දැවී 227
(ඇඩම් ගිල්කි‍්‍රස්ට් 38, මහේල ජයවර්ධන 124, ඉම්රාන් ෆර්හත් 18, මයිකල් කාබෙරි 23)
 ලිබ්රා

ලෙජන්ඞ්ස් කණ්ඩායම – ඕවර 20 කදී කඩුලූ 7 ක් දැවී 164
(ජැක් කලිස් 25, ෂෝන් එර්වින් 55, ටිම් ඇම්බ්‍රෝස් 24, ෂේන් බෝන්ඞ් 11/2, ඩැනියෙල් විටෝරි 32/2)

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close