Breaking News
Home / Gossip / මහින්ද හදිසියේ රනිල් හමුවී කියූ රහස් කථාව මෙන්න..!

මහින්ද හදිසියේ රනිල් හමුවී කියූ රහස් කථාව මෙන්න..!

Sri Lankan President Mahinda Rajapakse (R) listens to Sri Lankan leader of the main opposition United National Party (UNP) Ranil Wickremesinghe during a Buddhist ceremony in Gangarama Temple in Colombo on February 6, 2012. Some 50 elephants, mostly from the central part of the island, together with thousands of traditional drummers, dancers, and monks gathered in the Sri Lankan capital to participate in the city's biggest two-day annual Buddhist procession starting February 6 to 7. The procession was first held in 1979. AFP PHOTO/Ishara S.KODIKARA (Photo credit should read Ishara S.KODIKARA/AFP/Getty Images)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී දහවල් 1.30 සිට 2.30 දක්වා පැයකට ආසන්න වේලාවක් පවත්වා ඇති බව වාර්තා වෙනවා.
 
අමාත්‍ය මලික් සමරවික්‍රම සහ ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන්ද මේ හමුවට එක්ව සිටියා.
 
ඝාතනයට ලක්වූ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ සිද්ධිය මෙන්ම උතුරේ ජනතාවගේ රත්තරං සොරකම ඇතුළු පසුගිය රාජපක්ෂ සමයේ සිදු කර ඇතැයි සඳහන් වූ දූෂිත ගණුදෙනු වල පරීක්ෂණ අවසන් අදියරට ලගා වී ඇති බැවින් එම සිදුවීම් වලින් රාජපක්ෂ පවුලේ සාමාජිකයන් බේරාගැනීම සඳහා දේශපාලන ඩීල් එකක් දමා ගැනීම මෙහි මූලික ඉලක්කය වී ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
 
එමෙන්ම පෙරේදා ජර්මනියේ පුවත්පතක් සිදු කරන ලද අනාවරණයකට අනුව පැනමාවේ “මොසැක් ෆොන්සේකා” නැමති නීති ආධාර ආයතනය ලොව පුරා ධනවත් පුද්ගලයන්ට සමාගම් ආරම්භ කර ජාත්‍යන්තර වත්කම සීමාවන්ට හසු නොවන ආකාරයෙන් මුදල් විශුද්ධීකරනය කිරීමට හා නියමිත බදු ගෙවීම්වලින් නිදහස් වීමට කටයුතු කර ඇති බව අනාවරණය කිරීමත් සමග එහි වූ ශ්‍රීලාංකිකයන් තිදෙනෙකුගේ විස්තරද ද එහි සඳහන් වීමත් සමග හදිසියේ මෙම සාකච්ඡාව කිරීම සදහාම හිටපු ජනාධිපතිවරයා පැමිණි බවත් සඳහන්.
 
මෙම ප්‍රවෘත්තිය වාර්තා වීමත් සමග ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මේ පිළිබඳව වහාම පරීක්ෂණයක් ආරම්භ කිරීමට අදාළ අංශ වෙත උපදෙස් දී ඇති අටහර  මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ මැතිවරණ පොරොන්දුවක් වූ ,
පසුගිය කාලය තුළ මහා පරිමාණ වශයෙන් ශ්‍රී ලංකාව තුළ සිදු වූ වංචා දූෂණ හා මූල්‍ය අක්‍රමිකතාවයන් මෙන්ම මහා පරිමාණ කොමිස් ගැසීම් හරහා මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ පවුලේ පුද්ගලයින් මෙන්ම ඔහුන්ගේ ගජමුතුරු කල්ලිය උපයා ගත් මහා ධනස්කන්ධය සෙවීමේ කටයුතු මේ සිද්ධිය හරහා නව මාවතකට පැමිණ ඇති බවත් සඳහන් වෙනවා.
 
තවමත් අර්බුදකාරී තත්වයක පවතින ශ්‍රිලංකා නිදහස් පක්ෂය තවදුරටත් දෙකඩ කර එක්සත් ජාතික පක්ෂයේ බලය රැකගැනීමේ දීර්ඝකාලීන වැඩපිළිවෙලකට වුවද තමා සූදානම් බව එහිහිදී හිටපු ජනාධිපතිවරයා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පවසා ඇති බවත් නොනිල ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.
 
කෙසේ වෙතත් මේ කිසිදු යෝජනාවක් සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කිසිඳු ප්‍රතිචාරයක් නොදැක්වූ බවත් සඳහන් වෙනවා.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close