Breaking News
Home / Gossip / මහින්ද සමග නැගිටින්නේ 27වනදා – රට පුරා රැස්වීම

මහින්ද සමග නැගිටින්නේ 27වනදා – රට පුරා රැස්වීම

පුළුල් දේශපාලන ජාතික බලවේගයක් ආරම්භ කිරීමේ කටයුතු ලබන සති අන්තයේ සිට ආරම්භ කිරීමට   ඒකාබද්ධ පළාත් පාලන මන්ත්‍රී සංසදය තීරණය කර තිබෙනවා.

ග්‍රාමසේවා වසම් 14,400ක් ඉලක්ක කර ගනිමින් පළාත් පාලන ආයතන නියෝජිතයන්ගේ රැස්වීම් ලබන  27 වැනිදා සිට පැවැත්වීමට තීරණය කර ඇති අතර එම වැඩසටහනේ පළමු හමුව ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්වලින් ආරම්භ කිරීමට නියමිතයි.

ඊට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහභාගි වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

දිස්ත්‍රික් මට්ටමෙන් කාන්තා සමුළු ආරම්භ කිරීමට ද තීරණය වී ඇති අතර  ඒවා ලබන සතියේදී පුත්තලම හා කළුතර දිස්ත්‍රික්කවලදී ආරම්භ කිරීමට නියමිතයි.

වෘත්තීය සමිති පෙරමුණක් ද මේ සමග ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

මේ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහාය හිමිවන බවයි ඒකාබද්ධ පළාත් පාලන මන්ත්‍රී සංසදය පවසන්නේ.

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close