Breaking News
Home / Gossip / මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනෙකුගේ වත්කම් සොයා බැලීමට අධිකරණයෙන් අවසර

මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනෙකුගේ වත්කම් සොයා බැලීමට අධිකරණයෙන් අවසර

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිලධාරීන්ව සිටි බ්‍රිගේඩියර් දමිත් රණසිංහ, මේජර් නෙවිල් වන්නිආරච්චි, කපිතාන් තිස්ස විමලසේන යන මහත්වරුන් ඇතුළු කිහිප දෙනෙකුගේ බැංකු ගිණුම් සහ කොටස් වෙළඳපොළේ ඔවුන්ට අදාළ වත්කම් පිළිබඳව සොයා බැලීමට අධිකරණය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදුන්නේ ය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අද එම අවසරය ලබාදුන්නේ මොවුන්ට අදාළව විමර්ශන කටයුතු පිළිබඳව වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.

දූෂණ විරෝධී සංවිධානයක් , 2015 ඔක්තෝබර් මස 15 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිලි අනුව මෙම විමර්ශන කටයුතු ආරම්භ කළ බව අදාළ වාර්තාවල දක්වා තිබේ.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close