Breaking News
Home / Gossip / මහින්ද මෛත‍්‍රීට අභියෝග කරයි / අර්බුධය දරුනු අතට

මහින්ද මෛත‍්‍රීට අභියෝග කරයි / අර්බුධය දරුනු අතට

හිරියාල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ  ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කෙරුණු එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතාට යළි එම සංවිධායක ධුරය ලබාදීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස් වු හිරියාල ආසන බල මණ්ඩලය කටයුතු කර තිබේ.
ඉබ්බාගමුවේ පැවති මෙම හිරියාල ආසන බල මණ්ඩල රැස්වීමට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග, සාලින්ද දිසානායක ද ඇතුළු මහජන නියෝජිතයෝ රැසක් ද එක්ව සිටියහ.
පසුගිය අප්‍රේල් 28 වනදා  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිරියාල ආසන සංවිධායක ධුරයෙන් සාලින්ද දිසානායක මහතා ඉවත් කර නව සංවිධායක ලෙස දොන් කමල් ඉන්දිකව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබුවේය.
කෙසේ වෙතත් අද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ හිරියාල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බල මණ්ඩලය විසින් යළි සාලින්ද දිසානායක මහතා සංවිධායක ලෙස පත් කර ගැනීමට යෝජනාවක් සම්මත කර තිබේ.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close