Breaking News
Home / Gossip / මහින්ද පිල 3ට කැඩෙයි / මහින්දානන්ද අලුත් ගමනක

මහින්ද පිල 3ට කැඩෙයි / මහින්දානන්ද අලුත් ගමනක

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මූලිකත්වයෙන් ආරම්භ කිරීමට යෝජිත නව පක්ෂයේ ජාතික සංවිධායකවරයා වී ඇත්තේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂය.

බැසිල් රාජපක්ෂ ආගමනයට විරුද්ධව මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රසිද්ධයේම විරෝධය දක්වා ඇති අතර මහින්ද පිලේ බැසිල් කල්ලියේ පිරිස් මහින්දානන්ද නොසලකා හරිමින් ඇතැයි වාර්තාවේ.

ඒ අනුව ඔහු කලකිරී ඇති බවත් මෛත්‍රී පාර්ශ්වය සමග රහස් සාකච්ජා වට ගණනාවක් පවත්වා යම් යම් එකඟතාවයන්ට එළඹෙමින් සිටින බවත් වාර්තාවේ.

එහි එක් ප්‍රතිඵලයක් ලෙස ඔහු කෝප් කමිටුවේ සාමාජිකයෙක් ලෙස පත් කර අති බවත් ඉදිරියේදී ඔහු දේශපාලන කරණමකට සූදානම් වන බවටද තොරතුරු වාර්තාවේ.

මේ අතර බැසිල්-බැසිල් පිල යනුවෙන් පෙනී සිටින කණ්ඩායමේ පාර්ලිමේන්තුවෙන් පිටත සිටින බොහෝ දෙනකු මේ වනවිට මහින්ද රාජපක්‍ෂ මන්ත්‍රීවරයාගේ කටයුතු ප‍්‍රසිද්ධියේ විවේචනය කිරීමට පටන්ගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ ඩිව් ගුණසේකර මේ වනවිට දේශපාලන පක්‍ෂ නායකයකු වශයෙන් මහින්ද රාජපක්‍ෂ මන්ත්‍රීවරයා නායකත්වය දෙන කණ්ඩායමේ දේශපාලන ක්‍රියාමාර්ග විවේචනය කරමින් සිටී. පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවේ පදනම වැරැදී බවත් එය ආණ්ඩු විරෝධයක් නොව රවි කරුණානායකට විරුද්ධව ගෙන ආ යුතුව තිබුණු බවත් ඔහුගේ මතය වී තිබේ.

මේ අතර මහින්ද රාජපක්‍ෂට අනුග‍්‍රහය දක්වමින් සිටි සිවිල් සංවිධානයක් වන දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ වෛද්‍ය ගුණදාස අමරසේකර මහින්ද රාජපක්‍ෂව සෘජුව විවේචනය කරමින් සිටින අතර, පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ද එම ස්ථාවරයේම සිටින බව හෙළි වේ.

මේ වනවිට දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය පිල් තුනකට බෙදී ඇති බවත්, එයින් එක් පිලක් ඉතා ඉක්මනින් ජනාධිපතිවරයා සමඟ එක් වීමට සූදානම් බවත් අනාවරණය වේ

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close