Breaking News
Home / Gossip / මහින්ද නව පක්ෂයක් සෑදීම හකුලා නොගතහොත් නාමල් අත් අඩංගුවට – වැලිකඩ එස් වාට්ටුව ප්‍රතිසංස්කරණය කරන්නේ නාමල් වෙනුවෙන්ද?

මහින්ද නව පක්ෂයක් සෑදීම හකුලා නොගතහොත් නාමල් අත් අඩංගුවට – වැලිකඩ එස් වාට්ටුව ප්‍රතිසංස්කරණය කරන්නේ නාමල් වෙනුවෙන්ද?

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා  නව පක්ෂයක් සෑදීම හකුලා නොගතහොත් නාමල් රාජපක්ෂ මහතාව අත් අඩංගුවට ගැනීමට ආණ්ඩුව සැළසුම් කර ඇති බව “ලංකා ඇත්ත” වෙත වාර්තා වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ආණ්ඩුවේ ඇමතිවරුන් පිරිසක් අතර ඊයේ (12) දිනයේද මේ පිළිබදව තීරණාත්මක සාකච්ඡාවක් පැවති අතර මෙහිදී ආණ්ඩුවේ ප්‍රබලයින් ප්‍රකාශ කර ඇත්තේ හිටපු ජනපතිවරයා නව පක්ෂයක් නිර්මාණය කිරීමේ අදහස ඉදිරි දෙසතිය ඇතුළත හකුළා නොගතහොත් යෝෂිත රාජපක්ෂට මෙන්ම නාමල් රාජපක්ෂටද වැලිකඩ සිරිගෙදර ලගින්නට සිදු වනු ඇති බවයි.

ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුවේ ප්‍රබලයින්ගේ මෙම තීරණයට අනුව නාමල් රදවා තැබීමට වැලිකඩ බන්ධනාගාරයේ එස් කුටිය ප්‍රතිසංස්කරණය කරන ලෙස ෆයිසර් මුස්තාපා ඇමතිවරයා විසින් බන්ධනාගාර කොමසාරිස්ට දුරකතනයෙන් දන්වා ඇතැයිද වාර්තා වේ.

මේ වන විට මෙරට ප්‍රභූ පුද්ගලයන් සිරගත කිරීමට වැඩි වශයෙන් යොදා ගැනුණ වැලිකඩ සිරගෙදර එස් වාට්ටුව හදිසි ප්‍රතිසංස්කරණයකට ලක්කරමින් පවතිනවා. ලංකාවේ නමගිය ප්‍රභූන් සිරගත කළ අවස්ථාවන්හිදී සෑම විටම ඔවුන් රඳවා තබනු ලැබුවේ මෙකී එස්. වාට්ටුව නමැති ගොඩනැගිල්ලේය.
ප්‍රවීණ රංගන ශිල්පී විජය කුමාරතුංග, සරත් ෆොන්සේකා ඒ අය අතරින් කිහිපයකි

About Tech Lanka

Check Also

ජනපති වෙබ් අඩවිය හැක් කල සිසුවාට ජනපති දුන් දේ

ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්වී එහි දත්ත වෙනස් කිරීමේ සිදුවීමට අදාළ පාසල් සිසුවා සිය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close