Breaking News
Home / Gossip / මහින්ද චන්ද්‍රිකාගෙන් ගත්ත ‘පළිගැනීම‘ හරියටම වසර 10 කට පසු ආපිට කැරකේ.මෙන්න සියල්ල

මහින්ද චන්ද්‍රිකාගෙන් ගත්ත ‘පළිගැනීම‘ හරියටම වසර 10 කට පසු ආපිට කැරකේ.මෙන්න සියල්ල

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ගේ  ආරක්ෂාවට කියා තබා ගත් 150 ක් පමණ වූ හමුදා භටයන් තොගය වහා ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරමින් ඒ වෙනුවට පොලිස් භටයන් යොදවා තිබේ. 

මේ සම්බන්ධයෙන් දිනේෂ් ගුණවර්ධන ප්‍රමුඛ ‘හොරු වෙනුවෙන් හොරු කල්ලිය‘ අද මාධ්‍ය සාකච්ඡාවකදී පවසා ඇත්තේ මෙය ‘පළිගැනීමක්‘ බවයි. 

සත්‍ය වශයෙන්ම මෙය රාජපක්ෂ විසින් කරන ලද පළිගැනීමක ප්‍රතිඵලයක් පෙරළා තමා වෙතම පැමිණීමකි.  

මහින්ද රාජපක්ෂ 2005 දී ජනාධිපති වීමෙන් පසු ඔහුට එම තනතුරට එන්නට ශ්‍රීලනිපයේ ජනාධිපති අපේක්ෂක ධූරය ලබා දී නම්බුකාර ලෙස විශ්‍රාම ගිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගෙන් විවිධ ආකාරයෙන් පළි ගත්තේය. ඒ වන යුද්දය ඉහලින්ම පැවැති යුගයක් වූ අතර ඇය මරාගෙන මැරෙන ප්‍රහාරයකට මුහුණ දී යාන්තම් දිවි බේරා ගත් නමුත් ඇසක් අහිමි වී ද සිටියා ය. ඒ කිසිවක් තඹයකට මායිම් නොකළ මහින්ද රාජපක්ෂ නමැති දීන මනුස්සයා විශ්‍රාමික ජනාධිපතිවරියගේ ආරක්ෂාවට සිටි 168 ක් වූ හමුදා ආරක්ෂාකයන් ඉවත් කෙළේය. ඔහු එය කෙළේ රාජපක්ෂට අවශ්‍ය ආකාරයට නඩු තීන්දු දුන් බව පසුව පිලිගත් එවක හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා හරහා ය. රාජපක්ෂ හෙංචයියෙක් විසින් විශ්‍රාම ගිය ජනාධිපති වරයෙකුගේ ආරක්ෂාව කොපමණක් විය යුතුද කියා පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කෙළේය. එහිදී සරත් එන් සිල්වා නඩු තීන්දුව දෙමින් කියා සිටියේ සහකාර පොලිස් අධිකාරී වරයෙකුද ඇතුළුව පොලිස් නිලධාරීන් 7 දෙනෙකු පමණක් බලයෙන් ඉවත් වූ ජනාධිපතිවරයෙකුට ලබා දිය යුතු බවයි. ඒ නඩු තීන්දුව දුන්නේ 2006 මැයි මස 02 දා එනම් හරියටම මීට වසර 10 කට පෙර දී ය.  ඉන්පසු චන්ද්‍රිකාගේ ආරක්ෂාව පිළිබඳ ආරක්ෂක වාර්තාවක් හෝ නොකැඳ වූ මහින්ද රාජපක්ෂ විසින් 2006 මැයි 06 වෙනිදාම ඇයට සිටි 168 ක් වූ හමුදා පිරිස ඉවත් කරමින් පොලිස් නිලධාරීන් 7 දෙනෙකු පමණක් ලබා දුන්නේ ය. වරක්ද එල්ටීටීඊයේ ඍජු ඉලක්කයක් වූ චන්ද්‍රිකා මෙය තමන්ව ත්‍රස්තවාදීන්ට පාවා දීමක් බව තේරුම් ගනිමින් එංගලන්තය බලා පිටත්ව ගියා ය. 

දැන් ජනාධිපතිවරයෙකු ධූරයෙන් ඉවත් වූ පසු ලබා දිය යුතු ආරක්ෂාව කොපමනක්ද කියා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් තිබේ. එම නියෝගය මහින්ද රාපක්ෂට ද වලංගුය. අනාගතයේ මෛත්‍රීපාල සිරිසේනට ද වලංගුය. එනම් මහින්ද රාජපක්ෂට ලබා දිය යුත්තේ පොලිසියේ ඒ.එස්.පී වරයෙකුද ඇතුලුව පොලිස් භටයන් 7 දෙනෙකුගේ ආරක්ෂාවකි. එය මහින්ද විසින්ම සරත් එන් සිල්වා මගින් ලබා ගත් තීන්දුවක් වීම අපූරුය. 

එබැවින් ‘මෙන්න පළිගන්නවෝ‘ යි කෑ ගසන දිනේෂ් ගුණවර්ධනට පශ්චාත් අමාරුවක් හැදුනාට කරන්නට දෙයක් නැත. මෙය මහින්ද රාජපක්ෂ විසින්ම ඉල්ලං කෑ එකකි. 

මේ අතර වත්මන් ආණ්ඩුව කිසිදු දේශපාලනඥයෙකුට පොලිස් ආරක්ෂාව මිස හමුදා ආරක්ෂාව ලබා නොදීමට තීන්දුවක් ගෙන තිබේ. ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට හෝ අගමැති රනිල් වික්‍රමසිංහට හෝ හමුදා ආරක්ෂකයන් නැත. ඉන්නේ පොලිස් ආරක්ෂකයන් ය. එසේ නම් දැනට සාමාන්‍ය මන්ත්‍රීවරයෙක් වන මහින්ද රාජපක්ෂට හමුදා ආරක්ෂාව ලබා දීමක් අවශ්‍ය නැත. 

සත්‍ය වශයෙන්ම මහින්ද රාජපක්ෂට ලැබිය යුත්තේ හිටපු ජනාධිපති යන තනතුර නොව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තනතුර ය. මන්ද යත් ඔහු ජනාධිපති ධූරයෙන් පරාජයට පත් වූ එකම පුද්ගලයා වන අතර පසුව පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් වී මන්ත්‍රීවරයෙක් වූ එකම පුද්ගලයාද වීමයි. පුද්ගලයෙකුට හිමි වන්නේ හිටපු තනතුරේ නම වරප්‍රසාදයන් නොවේ දැනට සිටිනා තනතුරේ නම වරප්‍රසාදයන්ය. උදාහරණයක් ලෙස බස්නාහිර හිටපු මහ ඇමැති ප්‍රසන්න රණතුංග ගනිමු. අද ඔහු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. අද ඔහුට හිමිවන්නේ එදා හිටපු මහ ඇමැති තනතුර සහ ඊට අදාල වරප්‍රසාද නොවේ. අද ඔහුට හිමිවන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමි තනතුර සහ වරප්‍රසාදයන්ය. එසේ නම් මහින්ද රාජපක්ෂ ඉන් වෙනස් වන්නේ කෙසේද? චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපති ධූරයෙන් විශ්‍රාම යෑමෙන් පසු වෙනත් තනතුරක් ලබා නොගත් බැවින් ඇය හිටපු ජනාධිපතිනිය ලෙස හැඳින්වීමත් ඊට අදාල වරප්‍රසාද භුක්ති විඳීමත් නිවැරදි ය. නමුත් මහින්ද රාජපක්ෂ එසේ නොවේ. ඔහු ජනාධිපතිධූරයෙන් විශ්‍රාම ගියා නොව පරාජය විය. එපමණක් නොව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසද පත් විය. ඒ අනුව මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව ලෙස හිමි විය යුත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ ආරක්ෂාව ය. ඔහුට රජයෙන් විශේෂ ආරක්ෂාවක් අවශ්‍ය නම් ඒ බව ආරක්ෂක බුද්ධි අංශ විසින් තක්සේරු කළ යුතුය. නැතිනම් ඔහු පෞද්ගලික ආරක්ෂකයන්ට මුදල් ගෙවා ලඟ තබා ගත යුතුය.  

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂගේ හමුදා ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් ඇමැති විජිත් විජයමුනි සොයිසා අපූරු ප්‍රකාශයක් කර තිබිණ. ‘ඔහුට බැටෑලියන් තියාගෙන රට වටේ ගොස් ආණ්ඩු පෙරළීමට ඉඩදිය නොහැකියි. මිලිටරි මානසිකත්වයක් තිබෙන අය මිලිටරි තියෙනවාට කැමතියි. අන්තවාදී හා පැසිස්ට්වාදී ක්‍රමවලට එයා කැමතියි. මේක යහපාලනය ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් සහ ජාතික සංහිඳියාව ඇති කරන ආණ්ඩුවක් හැටියට වෙනස් ක්‍රමවේදවලට අපි කාටවත් ඉඩ තියන්නේ නෑ. ආරක්ෂාව සැලසිය යුත්තේ පොලිසිය මගිනුයි‘ විජයමුණි සොයිසා පවසා තිබිණ.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close