Breaking News
Home / Gossip / මහින්ද කඩාගෙන ගියේ නෑ – චන්ද්‍රිකා දුන්නෙත් නෑ

මහින්ද කඩාගෙන ගියේ නෑ – චන්ද්‍රිකා දුන්නෙත් නෑ

ඉතිහා‍සයේ කිසි දිනෙක මහින්ද රාජපක්ෂ මහතා පක්ෂය කඩාගෙන නොගිය බවත්, චන්ද්‍රිකා මහින්දට එකපාරම පක්ෂය භාර නොදුන් බවත්, පා.ම. ඩලස් අලහප්පෙරුම මහතා කියයි.

ඒකාබද්ධ විපක්ෂය අද පැවැත්වූ  මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම පැවසුවේ තමන් ජාතික ආණ්ඩුව හැදීමට පවා අත ඉස්සුවේ නැති බවයි.

එස්.බී දිසානායක ඇමතිවරයා විසින් මහින්ද රාජපක්ෂ මහතා ඉලක්ක කර සිදුකරන ප්‍රකාශ අසත්‍ය බවද හෙතෙම එහිදී කියා සිටියේය.

අද වන විට ‍සිදුවන්නේ මහින්ද රාජපක්ෂට ගැසීම බවත්, ඔහුට තවමත් නිල නිවසක් නැතැයිද, ඒ.එස්.පී නිවසක් දෙන්න ගිය විට ඔහු එෆ්.සී.අයි.ඩියෙන් කැඳවා එයද නැති කළ බවත්, මහින්ද රාජපක්ෂ මහතා දැන් ඉන්නේ එලියන්ත වයිට් දුන් මිරිහානේ නිවසක බවත්, මන්ත්‍රීවරයා පැවසීය.

අද වෘත්තිකයින්ට අගමැතිවරයා බැණ වදින බවත්, අගමැතිගේ ක්‍රියාව අනුගමනය කරමින් ප්‍රාදේශීය දේශපාලනඥයින් පවා ඔවුන්ට බැණවදින තත්ත්වයට පත්ව ඇතැයිද මේ ගැන ශ්‍රීලනිපය ලෙස ප්‍රකාශයක් කළ යුතු බවද, ඔහු කීවේය.

අපගේ ආණ්ඩුවේ අවසානය ළඟා වන විට මෙවැනි දෑ සිදුවූ බවත්, වත්මන් ආණ්ඩුවද පෙන්නුම් කරන්නේ අවසානය බවත්, හෙතෙම පැවසීය.

හිටපු විදේශ ඇමති ජී.එල්. පීරිස් මාධ්‍ය හමුව අමතමින්, ඉන්දියාව සමග අත්සන් කරන ගිවිසුමට විරුද්ධ වන්නේ ද්‍රෝහින් යැයි අගමැතිවරයා කියූ බවත්, ඉන්දීය ධීවරයින් මත්ස්‍ය සම්පත සූරාකද්දී ඒ ගැන කතා කරන්න ඉදිරිපත් නොවන්නේ ආණ්ඩුවේ බෙලහීනකම නිසා යැයිද පෙන්වාදුන්නේය.

බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ද මාධ්‍ය හමුවේදී කියා සිටියේ ඉන්දියාව සමග අත්සන් කරන ගිවිසුමට අනූව ගිලන් රථ 88ක් හා සේවකයින් 600ක් පමණ ශ්‍රී ලංකාවට එන බවයි.

මෙම වැඩපිළිවෙළ සිදුකරන්නේ එන්.ජී.ඕ එකක් හරහා බවත්, එවැන්නක් ලංකාවේ අයෙකුට කරන්න නොදී වෙනත් පාර්ශවයකට දෙන්නේ මන්දැයි හෙතෙම ප්‍රශ්න කළේය.

ඉන්දියාවේ පරිප්පු, ළුණු, කන්න එපා යන මට්ටමේ ඉන්දීය විරෝධයක් අපට නැති බවත්, එහෙත් හයිබ්‍රිඩ් සෞඛ්‍ය සේවයට අප දැඩි ලෙස විරුද්ධ  බවත්, ඔහු කීවේය.

ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල අඩුවීමෙන් පසුගිය කාලය තුළ ඩොලර් බිලියන 2.5ක ලාභයක් ශ්‍රී ලංකාවට ඉතිරිව ඇති බවත්, පෝට් සිටි ව්‍යාපෘතියටවත් එපමණ මුදලක් වැය නොවන බවත්, පැවසීය.

කෙසේ වුවද තෙල් මිල අඩුවීමේ වාසිය වැඩිපුරම අයි.ඕ.සී සමාගම හරහා ඉන්දියාවට යන බවද ඔහු වැඩිදුරටත් කීවේය.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close