Breaking News
Home / Gossip / මහින්දට පලිගැනීමක් වූ නාමල්ගේ හොරකමේ බී වාර්තාව මෙන්න

මහින්දට පලිගැනීමක් වූ නාමල්ගේ හොරකමේ බී වාර්තාව මෙන්න

ඉන්දියාවේ ක්‍රීෂ් නමැති සමාගම කොළඔ කොටුව ට්‍රාන්ස් වර්ක්ස් හවුස් ආසන්නයේ පිහිටි ඉඩමක එනම් දැනට හිල්ටන් හෝටලයේ තාවකාලික රථ ගාල දැනට පවත්වාගෙන යන ස්ථානය ඇමරිකානු ඩොලර් මිලියන 650 ක් වටින හෝටල් ව්‍යාපාරයක් ආරම්භ කරන්නට ගිවිසුම් අත්සන් කිරීම මගින් රුපියල් මිලියන 450 ක කොමිස් මුදලක් ලබා ගැනීම පිළිබඳව එල්ල වූ චෝදනා වලට අදාල විමර්ශන පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් සිදු කර එයේ දිනයේදී පා.ම නාමල් රාජපක්ෂව අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනා. දේශපාලනඥයින් තිදෙනෙකු ප්‍රමුඛ ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකුගේ නම් ගණුදෙනුව හා පටලැවි තීබීම මෙහි විශේෂත්වයයි. මෙම ඉඩම කීෂ් සමාගමට හිමිවන්නේ නාගරික සංවර්ධන අධිකාරිය මගිනි. ඊට අදාළ වන ගිවිසුම සකස් කරන්නේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට අයත් නාමල් රාජපක්ෂ ඇසෝසියේට් නීති සමාගම විසිනි. නීතිඥ සුජානි බෝගොල්ලාගම විසින් මෙයට සම්බන්ධ ලේඛන කටයුතු සිදු කොට ඇත.

දැන් දේශපාලන ක්ෂේත්‍රයේ ඇති වූ අලුත්ම කථා බහ මෙම ක්‍රිශ් ගණුදෙනුව බවට පත්ව ඇත. ඒකාබද්ධ විපක්ෂය විසින් මෙය දේශපාලන පලිගැනීමක් ලෙසින් හුවා දක්වීම පිළිබඳව නීති විශාරදයන් එරෙහිව මතයන් ප්‍රකාශ කරමින් පවතී.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සෘජුවම මැදිහත්වී එම ගණුදෙනුව සිදුකල ආකාරය මේ වනවිට අප වෙත ලැබූ තිබෙනවා. එය කියවා බැලීමෙන් මෙය දේශපාලනික පලිගැනීමක්ද, නැතහොත් එවකට තමන්ට ලැබී තිබුනු අසීමිත බලය යොදා කරනු ලැබූ හොරකමක්ද යන්න පැහැදිලිව සිතා ගත හැක.D
අදාල විස්තර පහත කරුණු සහිතව ඇත.
එවකට කොටස් වෙළෙදපොළ සභාපතිවරයා වු ආචාර්ය නාලක ගොඩහේවා විසින් නාමල් රාජපක්ෂ මහතා විසින් නාලක ගොඩහේවාට යවා ඇති කෙටි පණිවුඩයකින් කියවෙන්නේ ව්‍යාපෘතිය සදහා වන මුලික අනුමැතිය ලබාදීම සදහා රුපියල් මිලියන 450 ක් එනම් ඇමරිකානු ඩොලර් මිලියන 3.5 ක් ක්‍රීෂ් සමාගමෙන් ලබා ගන්නා ලෙසයි. ක්‍රිෂ් සමාගම මෙම මුදල එනම් ඩොලර් මිලියන 3.5 සිංගප්පුරුවේ බැංකුවක නාමල් රාජපක්ෂට අයත් ගිණුමක තැන්පත් කරන අතර නාගරික සංවර්ධන අධිකාරිය 2012 දී ක්‍රීෂ් සමාගම සමග අත්සන් කළ ගිවිසුමට අනුව රුපියල මිලියන 450 ක් තමන්ට අය විය යුතු බව ප්‍ර‍කාශ කරන විට අදාළ සමාගම පවසන්නේ තමන් සියලු මුදල් ගෙවා අවසන් බවයි. මෙම ගැටලුව නිසාම හෝටල් ව්‍යාපෘතිය අතරමග ඇණ හිටින අතර නාගරික සංවර්ධන අධිකාරිය ක්‍රිෂ් සමාගමට රුපියල් මිලියන 550 ක මුදලක් දඩයක් ලෙස පණවනු ලබයි.

මේ ගණුදෙනුව පිළිබද මුල්ම වරට හෙළිදරව් වන්නේ 2013 දී ය. මාධ්‍යවේදිනි මන්දනා අබේවික්‍ර‍ම පසුපස ආරක්ෂක අංශ නිලධාරීන් පන්නමින් සොයන්නේද ක්‍රිෂ් ගණුදෙනුවට අදාල ලියකියවිලි බවට එකළ සැකයක් පැවතුණි. මේ අතර නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි නාලක ගොඩහේවා විසින් ක්‍රිෂ් සමාගමට නැවත රුපියල් මිලියන 400 ක් ගෙවනු ලබයි. නාමල් රාජපක්ෂ මහතාගේ සිංගප්පුරු ගිණුමට ලැබෙන රුපියල් මිලියන මිලියන 450 ක මුදලට අදාළ රිසිට් පත සහ නාලක ගොඩහේවාට ලැබුණු කෙටි පණිවුඩය පිළිබද පරීක්ෂණයක් මේ වනවිට පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් පවත්වාගෙන යනු ලබයි. නාලක ගොඩහේවා විසින් ක්‍රිෂ් සමාගමට නැවත රුපියල් මිලියන 400 ක මුදලක් ලබාදීමෙන් පැහැදිලිවම පෙනී යන්නේ මේ මුදල යම් ව්‍යාපාරයක් වෙනුවෙන් හිමි වු කොමිස් මුදලක් බවය.

123456789101112131415

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close