Breaking News
Home / Gossip / මහින්දගේ ‘වාහනෙත්’ කැඩිලා

මහින්දගේ ‘වාහනෙත්’ කැඩිලා

තමාට අයත් වෙඩි නොවදින ජීප් රිය කැඩී ඇති අතර එය අලුත්වැඩියා කිරීමට ජනාධිපතිවරයා උපදෙස්‌ දී ඇතත් ඔහුගේ ලේකම්වරයා ඒ සඳහා ක්‍රියාශීලී නොවන බව හිටපු ජනාධිපති කුරුණෑගල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා පවසනවා.

මෙම ජීප් රිය අලුත්වැඩියා කිරීමට උනන්දු නොවීම ගැන තමා කනගාටුවෙන බවත් යුද්ධය දිනපු තමාට මෙම ‘වෙඩි නොවදින’ ජීප් රිය සාදා දීමට ලේකම්වරයා ක්‍රියානොකරන බවත් හෙතෙම පෙන්වා දෙනවා.

 

ජනාධිපතිවරයා උපදෙස්‌ දී තිබියදීත් ජනාධිපතිගේ ලේකම්වරයා කැඩුණු ජීප්රිය තනා දීමට ක්‍රියාශීලී විය යුතු යයි ද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

 

එමෙන්ම තමාගේ නිල නිවස තවමත් අලුත්වැඩියා කරමින් පවතින අතර එය කවදා ලැබේ දැයි කියා බලා සිටින බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසනවා.

 

 

(උපුටා ගැනීම දිවයින/නෝමන් පළිහවඩන)

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close