Breaking News
Home / Gossip / මහින්දගේ ‘කොරිඩෝ හන්ටින්‘ ගැන ජනපති ආරක්ෂකයෙක් කියයි

මහින්දගේ ‘කොරිඩෝ හන්ටින්‘ ගැන ජනපති ආරක්ෂකයෙක් කියයි

පසුගිය රාජපක්ෂ යුගයේ ඔහු සමගද විදේශ සංචාර වල නිරත වූ අද මෛත්‍රී ජනාධිපතිවරයා සමග ජපානයට පැමිණ සිටින ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරියෙකු අපූරු කතාවක් කීවේය.  මහින්ද රාජපක්ෂ එකල විදේශ සමුලුවකට සහභාගී වූ විට ශිෂ්ඨාචාර රටවල ලෝක නායකයෝ හැකිතරම් ඔහු මග හැර යති. අහම්බෙන් හෝ කොරිඩෝරයකදී ලෝක නායකයෙක් දුටු සැනින් ජනාධිපති ඡායාරූප ශිල්පී සුදත් සිල්වාට ඇහැක් ගසා එය පෙන්වන මහින්ද රාජපක්ෂ වහාම රාජ්‍ය නායකයා අල්ලාගන්නා අතර සුදත් සිල්වා ක්ෂනිකව ඡායාරූපයක් ගනු ලැබේ. තත්පර 10 ක් හෝ මහින්ද සමග නොසිටින රාජ්‍ය නායකයා හැකි තරම් ඉක්මනින් ඔහුව මග හැර ගියද පසුව එය ලංකාවේ මාධ්‍ය වෙත නිකුත් කරන්නේ මහින්ද රාජපක්ෂ ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වූවා කියා ය. මහින්ද රාජපක්ෂ සෑම සමුළුවකදීම මේ හීනමාන ක්‍රියාව ආරම්භ කරන්න යනවාත් සමග ජනාධිපති ආරක්ෂක අංශයේ පිරිස් ඔලොක්කුවට එය හඳුන්වා ඇත්තේ “ඔන්න දැන් එච්ඊ ‘කොරිඩෝ හන්ටින්‘ පටන් ගන්න යනවා“ කියා ය.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close